කොරෝනා රෝගයට එකම විසදුම එන්නත්කරණය බව ජනාධිපතිවරයාම කියද්දීත්, ඒත් කෝ එන්නත්? – රාජිත සේනාරත්න

ජනාධිපතිම කියනවා එකම විසඳුම එන්නත් කියලා: ඒත් කෝ එන්නත්? - රාජිත

ජනාධිපතිම කියනවා එකම විසඳුම එන්නත් කියලා: ඒත් කෝ එන්නත්? - රාජිත

ජනාධිපතිවරයා කොරෝනා රෝගයට එකම විසදුම එන්නත්කරණය බව ජනාධිපතිවරයා පිළිගෙන තිබුණත් තවමත් රටට ගෙනවිත් ඇත්තේ එන්නත් ලක්ෂ 12ක් පමණක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සදහන් කළේය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කළේය.

එහිදී සේනාරත්න මහතා මෙසේද කීය.

කෝවීඩ් වර්තමාන තත්ත්වය දිහා බලන විට විශාල පැතිරීමක් සිදුවෙලා. එයට රජය ක්‍රියාමාර්ග ගෙන තිබුණත් වඩා අවධානයක් යොමු කර යුතු වෙනවා සුදර්ශනී ඇමතිවරිය වෙනම චක්‍රලේඛණයකකුත් යවා තියෙනවා. ඒ හේතුවෙන් මැයි දින උත්සව අවලංගු කරලා. සියළුම වෛද්‍ය සංගම් ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබෙනවා. එය පවතින අවධානම ගැන සාකච්ඡා කරන්න. නමුත් තවමත් ජනාධිපතිවරයා එයට පිලිතුරක් ලබා දී නැහැ. මේ වනවිට කෝවිඩ් විශාල පැතිරීමක් සිදුවෙලා ඔක්සිජන් අවශ්‍යතාවයක් ඇති බවට වෛද්‍ය සංගම් ප්‍රකාශ කරනවා. හදිසි ප්‍රතිකාර ඒකක රෝගින්ගෙන් පිරී ගිහින්.

පසුගිය 22 වෙනිදා වෛද්‍ය සංගම් රැස්වීමක් ඉල්ලා තිබෙනවා. ජනාධිපතිවරයා එය තවමත් ලබා දී නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය අපේ කාලයෙන් පසුව කිසිම වෙන්ටිලේටරයක්වත් ගෙන්වා නැහැ. මේ වෙනුවෙන් දිස්ත්‍රික්ක මට්ටමින් රෝහල් තිබිය යුතුයි. එසේ කර නැහැ.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් වෛද්‍ය උපකරණ ලබා දුන්නත් එය තවම ලබා ගෙන නැහැ. දැනට මාස තුනක් වෙනවා මේ රජය කිසිම උපකරණයක් මිලට ගෙන නැහැ. එදා සුවසැරිය ගෙනාපු අවස්ථාවේ කෑ ගහපු GMO එක අද කෝ. එදා ⁣ඖෂධ මිල අඩු කරාම කිව්වා බාල බෙහෙත් ගේනවා කියලා අද ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරනවා එන්නත් තමයි කොරෝනාවලට එකම විසදුම කියලා. ඒ බව අපි කිව්වා පලමු රැල්ලේදීම. තවමත් ලක්ෂ 12යි එන්නත් ලැබී තියෙන්නේ. එය ප්‍රමාණවත් නෑ.

ආණ්ඩුව අද දඩයම ක්‍රියාත්මක කරමින් යනවා. රිෂාඩ් බදුර්දීන් ,අසාද් සාලි වැනි අය අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පස්සේ යනවා. ලෝකයේ කිසිම රටක් එසේ කර නැහැ. දඩ⁣යමෙන් කෝවිඩ් නතර කරන්න බැහැ. ආණ්ඩුව සියලු දේ නතර කරලා කෝවිඩ් පාලනයට අවධානය යොමු කර යුතුයි .මර්දනයෙන් හැදුනු රටවල් ලෝකයේ නැහැ. රජයෙන් ඉල්ලා සිටිනවා දඩයම නතර කර සියලු දෙනා කැදවා විසදුම් සොයන ලෙසට.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *