දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීගේ මුද්‍රාවෙන් එජාපය හැරගිය අයට ලියුම් යවලා

දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීගේ මුද්‍රාවෙන් එජාපය හැරගිය අයට ලියුම් යවලා

දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීගේ මුද්‍රාවෙන් එජාපය හැරගිය අයට ලියුම් යවලා

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගොස් සිටින ආසන සංවිධායකවරු, පළාත් සභා හා පළාත් පාලන අපේක්ෂකයන් ඇතුළු පාක්ෂිකයන්ට නැවත පක්ෂයට එක්වන ලෙස එම පක්ෂයේ මධ්‍යම කාර්යාංශය විසින් යවා ඇති ලිපි තැපෑලෙන් යැවීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන්ගේ නිල මුද්‍රාව සහිත ලිපි කවරවල බහා යැවීම ගැන සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය අතර පවත්නා සබඳතාව කුමක්දැයි එම ලිපි ලැබුණු පිරිස් ප්‍රශ්න කරති.

මේ ආකාරය මීට පෙර ද අඩෛක්කලනාදන් මහතාගේ නිල මුද්‍රාව සහිත ලියුම්කවර උපයෝගි කරගෙන එ.ජා.ප. යේ ලියුම් පාක්ෂිකයන් වෙත යවා ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

එක්සත් ජාතික පක්ෂය අත්හැර දමා සමගි ජන බලවේගයට එක්ව සිටින විශාල පිරිසකට මෙම නිල මුද්‍රාව සහිත ලියුම් කවර උපයෝගි කරගෙන ලියුම් එවා තිබුණු බව පෙන්වා දෙන ඔවුහු එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සමඟ අප්‍රසිද්ධියේ සම්බන්ධතා පවත්වන බව මෙයින් තහවුරුවන බව ද පවසති.

– MB

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *