යාපනයේ නගරාධිපතිට ජනාධිපති සමාව දුන්නා – ඩග්ලස් දේවානන්දා

පොලිසියට නොදන්වා යාපනය නගර ආරක්ෂක බලකායක් ලෙසින් පුද්ගලයින් පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් නිර්මාණය කොට ඔවුන් වෙනුවෙන් වෙනම නිලඇඳුමක්ද හඳුන්වා දී ඔවුන් නගරයේ රාජකාරි සඳහා යෙදවීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ යාපනය පොලිසිය විසින් පසුගිය 09 වනදා අලුයම අත්අඩංගුවට ගත් යාපනය මහ ගනර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් හට ජනාධිපතිවරයා විසින් සමාව ලබාදුන් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සඳහන් කරයි.

ඔහු මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙන අතර එය රජයේ පුවත්පතක් වන තිනකරන් පුවත්පතද පල කර තිබේ.

යාපනය මහ නගර සභාවේ බලය දෙමළ ජාතික සන්ධානය විසින් හෙබවූ අතර එහි අයවැය පරාජය වීම නිසා දෙමළ ජාතික සන්ධාන නගරාධිපතිවරයාට බලය අහිමි වූ අතර පසුව වත්මන් නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් හට එම ධුරය හිමිවූයේ ඩග්ලස් දේවානන්දාගේ පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ඇතිවය.

ජනාධිපතිවරයා නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් හට සමාව දෙනු ලැබූවේ තමන්ගේ ඉල්ලීම මත යැයිද ඩග්ලස් දේවානන්දා ප්‍රකාශ කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *