මහ බැංකු නිවේදනයෙන් හෙළිවූ ආර්ථිකයේ රතු එළි හයක්

සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳ මහ බැංකුවෙන් නිවේදනයක්

සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳ මහ බැංකුවෙන් නිවේදනයක්

මහ බැංකුව විසින් (08 දා) නිකුත් කරන ලද නිවේදනයකින් වර්තමාන ආර්ථික තත්වය පිළිබඳව බරපතළ කරුණු හයක් අවම වශයෙන් අනාවරණය වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වා ගනියි, යන සිරස්තලයෙන් එම නිවේදනය නිකුත් කර තිබේ. එහි අඩංගු කරුණු අනුව එම බරපතළ කරුණු මෙසේය.

  • මාර්තු අවසාන වන විට මාස තුනක ආනයන සඳහා ප්‍රමාණවත් පරිදි දළ-නිල සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 4.1ක් වීම.
  • අපේක්ෂා නොකළ පරිදි රජයේ ණය ගැනීම් සඳහා පොලී අනුපාතය ඉහළ යාම.
  • දේශීය මුදල් වෙළෙඳපොළේ අතිරික්ත ද්‍රවශීලතාව සැලකිය යුතු ඉහළ මට්ටමක පැවතීම.
  • බැංකු පද්ධතිය මගින් රාජ්‍ය අංශයට ලබාදුන් ශුද්ධ ණය ප්‍රමාණය අඛණ්ඩව ඉහළ යාම.
  • ආර්ථිකයේ සමස්ත ඉල්ලුම් තත්වය අඩු මට්ටමක පැවතීම.
  • මැදි කාලීනව උද්දමනයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම.
  • කෙසේ වුවද ගෝලීය ආර්ථික තත්වය යහපත් මට්ටමට පරිවර්තනය වීම හේතුවෙන් මැදිකාලීනව ශ්‍රී ලංකා ආර්ථිකය ඉහළ වර්ධන වේගයක් වාර්තා කරනු ඇති බවද, මහ බැංකුවේ එම නිවේදනයේ දක්වා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *