(video) කාදිනල් හිමිගේ ප්‍රකාශය ගැන කතෝලික සභාවෙන් පැහැදිලිකිරීමක්

පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව්වූ දිනට මෙරටේ දේශපාලනය කෙතරම් දූෂිතද, කෙතරම් මිනීමරුද යන්න හෙළිදරව් වේවි - සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව්වූ දිනට මෙරටේ දේශපාලනය කෙතරම් දූෂිතද, කෙතරම් මිනීමරුද යන්න හෙළිදරව් වේවි - සිරිල් ගාමිණී පියතුමා

කාදිනල් හිමියන් ඉකුත් පාස්කු ඉරුදින කළ ප්‍රකාශයට දේශපාලනික අර්ථකථන නොදෙන ලෙස කතෝලික සභාව ඉල්ලා සිටි.

ගරු සිරිල් ගාමිණී පියතුමා (08) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දේශපාලනිකව කිසිවකුට පහරගැසීමේ අදහසින් කාදිනල් හිමියන් එම ප්‍රකාශය සිදු නොකළ බවය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ අගරදගුරු පදවි කමිටුවේ ගරු සිරිල් ගාමිණී පියතුමා පැවසුවේ,

“උන්වහන්සේගේ එම ප්‍රකාශය තුළ කිසිම විදිහක දේශපාලනිකව කිසිවෙකුට පහර ගසන්නට අදහසක් තිබුණේ නෑ. මේ පාස්කු ප්‍රහාරය ජාතික අපරාධයක් හැටියට අපි දකින්නේ. මේ තර්ජනය තාමත් ඒ විදිහටම තියෙනවා.”

ඉකුත් පාස්කු ඉරිදා කාදිනල් හිමියන් හිටපු ජනපතිවරයා පිළිබඳ ප්‍රකාශයක් සිදුකළ අතර ඊට පසුදින හිටපු ජනපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සම්බන්ධයෙන් කණගාටුව පළකර තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *