විපක්ෂයේ නායකයන් දස දෙනකුගේ ප්‍රජා අයිතිය නැති කරන්න කූට කුමන්ත්‍රණයක් – ලක්ෂ්මන් කිරිඇල්ල
 
                ජාත්‍යන්තරය අපේක්ෂා කරන දේශපාලන-ආර්ථික ප්‍රතිසංස්කරණක් වනතුරු විදෙස් ණය ආධාර ලැබෙන්නෑ - ලක්ෂ්මන් කිරිඇල්ල
රජය විපක්ෂයේ නායකයින් දස දෙනකුගේ ප්‍රජා අයිතිය නැති කිරීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
“රජය දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් කොමිසමක් පත් කළේ විපක්ශයේ නායකයන් දස දෙනකුගේ ප්‍රජා අයිතිය නැති කරන්නයි. මේක කූට කුමන්ත්‍රණයක්. මම මේක කිව්වේ ජනතාවට දැනගන්නයි.
දේශපාලන පළිගැනීම් පිළිබද කොමිස් සභා වාර්තාව සම්බන්ධයෙන් විවාදය බ්‍රහස්පතින්දා හා සිකුරාදා පැවැත්වෙනවා. ඒ විවාදය කල් දාන්න එපා. මේ සතියේ වැඩ වෙනස් කරන්න බැහැ”.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        