විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින්ට නව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාර්ගෝපදේශ

විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින්ට නව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාර්ගෝපදේශ

විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින්ට නව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාර්ගෝපදේශ

විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින් ගේ නිරෝධායන ක්‍රමවේදය වෙනස් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

ඒ අනුව එම ක්‍රමවේදය වෙනස්වන ආකාරය පහත පරිදි වේ.

01. කොවිඩ් එන්නත ලබා නොගත් පුද්ගලයින් විදේශ ගතව සිට පැමිණ හෝටල් හි නිරෝධායන වන පුද්ගලයින්ගේ නිරෝධායන කාලය අඩු කිරීමට පියවර ගෙන තිබේ.

02. විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින් ගේ PCR පරීක්ෂණ පැමිණීමේ දිනය සිට දින 07ක් තුල සිදුකරන අතර එම වාර්තාවේ ප්‍රථිපල අනුව දින 07ක නිරෝධයනයෙන් පසු නිවෙස කරා යාමට ඉඩ සලසා දේ.

03. නිවෙසට පැමිණීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දීමෙන් පසු ඉතිරි දින 07ක කාලය නිවෙස් නිරෝධායනයේ පසුවිය යුතුය.

04. සාමාන්‍ය නිරෝධායන මධ්‍යස්ථාන තුල නිරෝධායනයට ලක්වන විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින් ගේ පැමිණි දිනයේදී සහ දින 10 කට පසුව PCR පරීක්ෂණ වලට ලක් කෙරෙනු ඇත.

05. එම PCR පරීක්ෂණ දෙකේ ප්‍රථිපල අනුව ඔවුන්ට නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පිටව යෑමට අවසරය හිමිවේ.

06. නිවසට යාමෙන් පසු සෙසු දින 04 ක කාලය නිවෙස් නිරෝධායනයේ පසුවිය යුතුය.

07. කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහන් වන නිරෝධායන ක්‍රියාවලිය යාවත්කාලින කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙනවා.

08. ඒ අනුව කොවිඩ් 19 සඳහා වන එන්නතේ නිර්දේශිත මාත්‍රාවන් සම්පුර්ණ කිරීමෙන් සති දෙකකට පසුව ශ්‍රී ලාංකික පුරවැසියන් / ද්විත්ව පුරවැසියන් සහ විදේශීය පුරවැසියන් මෙරටට පැමිණිය යුතු අතර ගුවන් තොටුපොළේ දී එන්නත් කරණය සම්බන්ධයෙන් වන සහතිකයේ මුල් පිටපත (ඉංග්‍රීසි භාෂාවෙ පරිවර්ථනයක් ද සහිතව ) ගුවන් තොටුපොල බලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතුය.

09. ඉන් අනතුරුව ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙතට යොමු කරනු ලබන අතර පැය 24 ක කාලයක් තුලදී PCR පරීක්ෂණයකට ලක් කරනු ඇත.

10. එම PCR වාර්තාවේ ප්‍රථිපල අනුව ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිදහස් කිරීමට කටයුතු කෙරෙනු ඇත.

11. නිරෝධායන මධ්‍යස්ථානයේ සිට සිය නිවෙස් කරා යාමට ඔවුන් ගමන් පහසුකම් සපයා ගැනීම සිදුකළ යුතුය.

12. නිවෙසට පැමිණීමෙන් පසු ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරීන් වෙත දැනුම් දීම සිදුකළ යුතුය.

13. නිසි එන්නත්කරණයකට ලක්ව සිටින සහ PCR පරීක්ෂණයෙන් සමත්වන පුද්ගලයින් නිවෙස් නිරෝධායනයට ලක්වීමේ අවශ්‍යතාවයක් නොමැත.

14. නිවසට පැමිණීමෙන් දින 07 කට පසුව ඔවුන් යලිත් වරක් PCR පරීක්ෂණයකට ලක්විය යුතුය.

15. යම් හෙයකින් මෙලෙස පැමිණෙන පුද්ගලයින්ට ස්වශන ආබාධ හෝ වෙනත් රෝග ලක්ෂණ පෙන්නුම් කළහොත් ඔවුන් වහාම සෞඛ්‍ය බලධාරීන්ට ඒ පිළිබඳව දැනුම්දිය යුතුවේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *