කෝටි ගණනක් වැය කර හැදූ පාස්කු කොමිසමේ වාර්තාවේ ඇතැම් කරුණුවල පරස්පරතාවයන් නිසා නඩු දැමීමටත් ගැටලු

කෝටි ගණනක් වැය කර හැදූ පාස්කු කොමිසමේ වාර්තාවේ ඇතැම් කරුණුවල පරස්පරතාවයන් නිසා නඩු දැමීමටත් ගැටලු

කෝටි ගණනක් වැය කර හැදූ පාස්කු කොමිසමේ වාර්තාවේ ඇතැම් කරුණුවල පරස්පරතාවයන් නිසා නඩු දැමීමටත් ගැටලු

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පළමු වෙළුමේ අඩංගු යම් යම් කරුණුවල දෝෂසහගත ස්ථාන කිහිපයක් තිබෙන බැවින් එම වාර්තාව පදනම් කරගෙන නඩු පැවරීම හෝ වෙනයම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමේදී ගැටලුසහගත තත්ත්වයන් ඇති විය හැකි බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

උදාහරණයක් ලෙස, කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ එක් ස්ථානයක සඳහන් වන්නේ, 2019 අප්‍රේල් 21 වන දින දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගෙන මිය ගිය අබ්දුල් ලතීෆ් ජමිල් මොහොමඩ් 2019 අප්‍රේල් 26 වන දින අදාළ ලැගුම්හලේදී සිදු වූ පිපිරීමකින් මිය ගිය බවය.

එහි පළමු වෙළුමේ පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ තොරතුරු ඇතුළත් වන කොටසේ දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් අබ්දුල් ලතිෆ් ජමිල් මොහොමඩ් පිළිබඳව කරුණු ඇතුළත් වෙයි.

ඔහු 2019 අප්‍රේල් 21 වන දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය දියත් කිරීමට උත්සහ කළ ද එය අසාර්ථක වීම නිසා එදින ම දහවල් දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලට ගොස් බෝම්බය පුපුරුවා ගනු ලැබීය.

කෙසේ වෙතත්, කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පළමු වෙළුමේ ඔහු පිළිබඳව කරුණු සඳහන් වන පරිච්ඡේදයේ සඳහන් වන්නේ, ජමිල් මොහොමඩ් 2019 අප්‍රේල් 26 වන දින අදාල ලගුම්හලේදී සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය බවය.

එමෙන් ම, ඔහු පිළිබඳව සඳහන් වන කොටසේ ම කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අච්චි මුහම්මදු මුහම්මදු හස්තුන් පිළිබඳව තොරතුරු සඳහන් වන පරිච්ඡේදයක් ද තිබෙන අතර එහි අවසන් කොටසේදී හස්තුන් යන නම වෙනුවට සඳහන් වන්නේ, පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවේ පසුවන ‘මිල්හාන්’ යන සැකකරුගේ නම ය.

හස්තුන් විවාහ වී සිටියේ පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින් යන තරුණිය සමග වන නමුත් මෙම පරිච්ඡේදයට අනුව ඇය සමග විවාහ වී ඇත්තේ ‘මිල්හාන්’ ය.

මේ පිළිබඳව විමසූ අවස්ථාවේ නීතිඥවරයෙකු සඳහන් කළේ, යම්කිසි සිදුවීමකට අදාළව සකස් කරන ලද වර්තාවක සිද්ධිමය සහ නීතිමය කරුණුවල යම්කිසි පරස්පරතාවක් තිබේ නම් එය එම වාර්තා පදනම්ව නඩුවක් ගොනු කිරීමේදී ගැටලුවක් මතු වන බවය.

එමෙන්ම මුද්‍රණ දෝෂ වුවත් ඒවා නිවැරදි කිරීමේ හැකියාවක් ද නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

– MB

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *