මමත් අසමත්… ජනාධිපති කළේ වරදක්… නලින් ද සිල්වා ඉල්ලා අස්වෙයි…

මමත් අසමත්… ජනාධිපති කළේ වරදක්… නලින් ද සිල්වා ඉල්ලා අස්වෙයි…

මමත් අසමත්… ජනාධිපති කළේ වරදක්… නලින් ද සිල්වා ඉල්ලා අස්වෙයි…

මියන්මාර් තානාපති ලෙස කටයුතු කරන මහාචාර්ය නලින්ද සිල්වා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඔහු මේ සම්බන්ධයෙන් ඔහුගේ ෆේස්බුක් පිටුවේ සටහනක්ද යොදා ඇත.

ඔහු පවසන්නේ තමන් අකාර්යක්‍ෂම, අදක්‍ෂ, අසමත් තානාපතිවරයකු බවයි. තමන්ව තානාපති සේවයට එක්කිරීමෙන් ජනාධිපතිවරයා සිදු කර ඇත්තේ තදබල වරදක් බවද මහාචාර්ය නලින්ද සිල්වා පවසයි.

ශ්‍රී ලංකා ධීවරයින් 12 දෙනෙකු මියන්මාර් මුහුදු සීමාවට පැමිණ අත්අඩංගුවට ගත් බවත් අඩුම තරමේ තමන් තානාපති ලෙස ඔවුන්ට කෑම වේලක් ලබා දීමට හෝ කතා බහ කිරීමට හෝ නොහැකි වූ බවත් තමන්ගේ තානාපති බලතල පාවිච්චි කරමින් එවැනි දෙයක් හෝ කරගැනීමට නොහැකි, තමන් වැඩ බැරි තානාපතිවරයෙකු නිසා බවත් ඔහු සඳහන් සිය මුහුණුපොතේ සටහනක් යොදමින් වැඩිදුරටත් සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *