ව්‍යාපෘති පිළිබඳව තීරණ ගැනීමේදී කැබිනට් මණ්ඩලය බයිපාස් කරන චක්‍රලේඛයක්

මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ බොරුව

මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ බොරුව

සියලුම අමාත්‍යංශවල ව්‍යාපෘති සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමේ බලය භාණ්ඩාගාර ලේකම්ට හිමිවන චක්‍රලේඛයක් මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල විසින් භාණ්ඩාගාර ලේකම් ලෙස නිකුත් කර තිබේ. එම චක්‍රලේඛය මගින් මීට පෙර කැබිනට් මණ්ඩලයට තිබූ ව්‍යාපෘති සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය ඉවත් කිරීමට යෝජනා කර තිබේ. කෙසේ වෙතත් ව්‍යාපෘති පිළිබඳව අමාත්‍යංශ ලේකම්වරැන්ට තීන්දු තීරණ ගැනීමට බලය ඇති නමුත් එහි අවසන් තීරකයා භාණ්ඩාගර ලේකම්වරයා වෙයි. භාණ්ඩාගාර ලේකම්වරයා වන්නේ මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගලමය.

මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පෙරේදා (14) පැවති මාධ්‍ය හමුවකදී කරුණු අනාවරණය කරමින් සඳහන් කර සිටියේ මෙරට ඕනෑම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී එයට ඇමතිවරයා සහ කැබිනට් මණ්ඩලය වග කිවයුතු වන අතර එය ඇමතිවරයා සහ කැබිනට් මණ්ඩලය අනුමත කළ යුතු බවයි. එහෙත් මෙම නව චක්‍රලේකය මගින් ඇමතිවරු සහ කැබිනට් මණ්ඩලය බයිපාසක් කරල සංශෝධනය කිරීම්, ව්‍යාපෘතිවලට ණය ප්‍රමාණය වැඩි කිරීම, ව්‍යාපෘති නතර කිරීම, ණය කාලසීමාව දීර්ඝ කිරීම පිළිබඳ තීන්දු ගැනීමේ නව ක්‍රමවේදයක් මින් සකස් කර ඇතැය පැවසූ විජිත හේරත් මන්ත්‍රීරයා මෙය ඇමතිවරු සහ කැබිනට් මණ්ඩලය නොතකා අවශ්‍ය ලෙස එක්තරා කණ්ඩායමක් මගින් සිදුකරගෙන යාමට දරන උත්සාහයක් බවද අවධාරණය කළේය.

පසුගිය කාලයේ ජනාධිපති බලතල සමග කැබිනට් මණ්ඩලය නොසලකා, ඇමතිවරු නොසලකා කටයුතු සිදු කරන ආකාරය දැක ගැනීමට සිදු වූ බවත් මෙවැනි චක්‍රලේක හරහා උත්සාහ කරන්නේ එය නීත්‍යානුකූල කර ගැනීමට යැයිද මන්ත්‍රීරයා සඳහන් කළේය. රට පාලනය කිරීමේ සියලු තීන්දු තීරණ ගන්නේ එක්තරා කණ්ඩායමක් බවත් මේ උත්සාහ දරන්නේ එම කණ්ඩායම හගින් තම ඕනෑ එපාකම් පිරිමසා ගැනීමට බවත් මෙහිදී ඔහු පෙන්වා දුන්නේය.

ඇමතිවරු, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව නොසලකා මෙලෙස කටයුතු කිරීම තුළින් රටේ ක්‍රමවේදය විශාල අවුලකට ඇද වැටෙන බවද පසුගිය කාලයේ ගත් සමහර තීන්දු තීරණ ඇමතිවරු දැන සිටියේ නැති බවත්, කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා නොකර, පාර්ලිමේන්තුවේ අනුමත නොකර ඇමති වරු පවා නොදැන මෙලෙස කටයුතු කිරීට නීතිමය තත්වයක් සකස් කර ගැනීම මෙම චක්‍රලේකයෙන් සිදුව ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

-Lankatruth

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *