සම්පන්දන්ගේ ප්‍රකාශයට ටෙලෝ සංවිධානය විරුද්ධයි

ගෝඨාභයට සම්බන්ධන්ගෙන් ලැබුණු ප්‍රති පිළිතුර

ගෝඨාභයට සම්බන්ධන්ගෙන් ලැබුණු ප්‍රති පිළිතුර

ජිනීවා මානව හිමිකම් කමිටුවට බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් කීපයක් විසින් ඉදිරිපත් කරණු ලබන යෝජනාවලියට දෙමළ දේශපාලන පක්ෂ ඇහුම්කන් දිය යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය පිළිගත නොහැකි බව ටෙලෝ සංවිධානය 7 දා පැවසීය.

ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා වවුනියාවේදී පැවසුවේ සම්පූර්ණ යෝජනාවලිය සැසිවාරයට ඉදිරිපත් කෙරෙන තුරු දෙමළ දේශපාලන පක්ෂ ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමට නොයායුතු බවයි.

යෝජනාවේ අවසාන ස්වරූපය කුමක් දැයි නොදැනීමේ උභතෝකෝටිකය තුළ, වර්තමාන කෙටුම්පත් යෝජනාව සාර්ථකව ක්‍රියාත්මක කරන ලෙස සම අනුග්‍රාහක රටවලින් ඉල්ලා සිටීම අපගේ උත්සාහයන් දුර්වල කර ව්‍යාකූල තත්වයක් නිර්මාණය කර දෙමළ ජනතාවගේ යුක්තිය සඳහා වන අරගලය සහ පීඩාවට පත් ජනතාවට යුක්තිය ඉටු කිරීමේ හැකියාව දුර්වල වනු ඇතැයිද අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා පවසීය.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මානව හිමිකම් සැසිවාරයේදී දක්වන ලද අදහස් වලට දෙමළ දේශපාලන පක්ෂ වලින් යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන බව කී ටෙලෝ නායකයා දෙමළ ජනයාට සිදුව ඇති අසාධාරණකම් සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් සාධාරණය ඉටු කරන ශක්තිමත් කොන්දේසි ඇතුළත් යෝජනාවක් සම්මත කරන ලෙස ඉල්ලා සිටින බවද පැවසීය.
-Dinamina

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *