දඹුල්ලේ ඉඩම් වංචාවක් සම්බන්ධ වාර්තාව : කුමාර සංගක්කාර සහ ඔහුගේ බිරිඳට එරෙහිව මාධ්‍ය මෙහෙයුමක් ද?

දඹුල්ලේ ඉඩම් වංචාවක් සම්බන්ධ වාර්තාව : කුමාර සංගක්කාර සහ ඔහුගේ බිරිඳට එරෙහිව පතළ ගණයේ මාධ්‍ය මෙහෙයුමක් ද?

දඹුල්ලේ ඉඩම් වංචාවක් සම්බන්ධ වාර්තාව : කුමාර සංගක්කාර සහ ඔහුගේ බිරිඳට එරෙහිව පතළ ගණයේ මාධ්‍ය මෙහෙයුමක් ද?

කුමාර සංගක්කාර සහ ඔහුගේ බිරිඳ ට එරෙහිව පතළ ගණයේ මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මකව ඇත. නිර්භීත කෙලින් කතා කරන කීර්තිමත් පුද්ගලයෙකුට විරුද්ධව දේශපාලකයින් සහ ඔවුන්ගේ සහචරයන් නැගී සිටීම ආශ්චර්යයක් නොවේ. ප්‍රහාරය පටන් ගන්නේ දඹුල්ල අවට පිහිටි රජයේ ඉඩම් කොල්ලයක් අනාවරණය වීම සමගය. එම ඉඩම් කොල්ලය අනාවරණය කරන්නේ කුමාර සංගක්කාර සහ ඔහුගේ බිරිඳයි. කුමාර සංගක්කාර මිලදී ගත් ඉඩමක ලිපි ලේඛන පිළිබඳව මතු වූ සැකයක් මත මේ ගනුදෙනුව පිළිබඳ ලිපියක් මගින් ඔහුව ඉඩම් කොමසාරිස් ජෙනරාල් තුමා දැනුවත් කර ඇත.

ඉඩම් වංචාවක් සම්බන්ධව සතිඅන්ත පුවත්පතක් පළ කර ඇති වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සුපිරි ක්‍රිකට් පිතිකරු කුමාර සංගක්කාර මහතා විසින් තම නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.

‘මා හා බිරිය සම්බන්ධ පුවතක් අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වෙමින් පවතී. එම පුවත ද්වේශ සහගත හා අසත්‍ය එකකි. ඒ සම්බන්ධයෙන් සෑබෑ තොරතුරු ඉදිරියේදී හෙළිකරමි’

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් පළමු පැමිණිල්ල කර ඇත්තේ කුමාර සංගක්කාර මහතා විසින් බව ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රජයේ ඉඩමක් ලබා ගනිමින් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර හා ඔහුගේ බිරිය යෙහාලි සංගක්කාර වංචාවක් සිදුකර ඇති බවට පැතිර යන පුවතට තොරතුරු වැරදි ලෙස භාවිතා කර ඇති බව ඉඩම් කොමසාරිස් ජනරාල් ජී.ඩී. කීර්ති ගමගේ මහතා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරමින් ඔහු කියා සිටියේ, ඔවුන් දෙපළ දඹුල්ල ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට ගොස් අදාළ ඉඩම ඔවුන් වෙත පැවරීමේදී ඊට අදාළ ඔප්පුවහි තොරතුරුවල ඇති ව්‍යාජභාවය තහවුරුවීමෙන් පසුව මේ සම්බන්ධයෙන් ඔවුන් දෙපළ විසින්ම තමාව ලිඛිතව දැනුත් කළ බවත්, මේ වංචාවේ සුලමුල සොයාගැනීමට හැකිවූයේ සංගක්කාර හා ඔහුගේ බිරිය ලබාදුන් සහයෙන් බවත්ය.

වගකිවයුතු පුරවැසියකු ලෙස සංගක්කාර මහතා ඒ සම්බන්ධයෙන් අවංක ප්‍රකාශයක් කරමින් කරුණු දක්වා තිබීම තමා ඉතා ඉහළින් අගය කරන බවද කියා සිටියේය.

එසේම, මේ සම්බන්ධයෙන් ව්‍යාජ හැඳුණුම්පතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නේ දැයි ‍කළ විමසීමකදී ගමගේ මහතා කියා සිටියේ එය ප්‍රාදේශීය ලේකම්වරයා සතු වගකීමක් බවත්, ඔවුන්ට එරෙහිව කූට ලේඛන සැකසීම යටතේ කටයුතු කිරීමට ඔවුන් කටයුතු කරනු ඇති බවත්ය.

මේ අතර, කුමාර සංගක්කාර මහතා හා ඔහුගේ බිරිඳ යෙහාලි සංගක්කාර විසින් මේ චංචාව සම්බන්ධයෙන් තොරතුරු ලද වහාම ඔවුන් ඉඩම් කොමසාරිස්වරයා වෙත යොමුකරන ලද ලිපිය හා ඒ සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස්වරයා ස්තූතිකරමින් එවන ලද ලිපියද මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී ඇත.

එය පහත පළ කොට ඇත.

එයින් මෙම ඉඩම් ජාවාරම හෙළිවී ජාවාරම හරහා කෝටි ගණන් මුදල් වංචා කිරීමට බලාපොරොත්තුවෙන් සිටි පාර්ශ්වයන්ට එය නොහැකි වී ඇත. ඉන් පටන් පටන් ගන්නේ සංගක්කාරට විරුද්ධ මාධ්‍ය මෙහෙයුමයි. මෙම මාධ්‍ය මේවට ජයේ මාධ්‍ය ද සහභාගි වීමෙන්, ජාවාරමට සම්බන්ධ පාර්ශව කුමක්දැයි වටහා ගැනීම පහසු වේ. සිළුමිණ පුවත්පතේ පළවූ මඩ ප්‍රවෘත්තිය මෙහි අමුණා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *