සිංහල ඡන්ද වලින් පමණක් දිනන්න බෑ – ගෝඨාභය පරාජය භාර ගනියි

ගෝටාබය රාජපක්ෂ

ඔව් මම නන්දසේන: මගේ චරිත දෙකක් තියෙනවා: ඒ ජාතියෙන් එනවා නම් මමත් ඒ ජාතියෙන්: ඕන දෙයකට සූදානම්

2024 වසරේදි පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා ඇතැයි වාර්තා වේ.

ආණ්ඩුවට සම්බන්ධ සුලු පක්ෂ 10ක් සමඟ පැවැති සාකච්ඡාවේදි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

දිනෙන් දින වේගයෙන් ජනතා අප්‍රසාදයට පත් වෙමින් යන ආණ්ඩුව නැවත ජයග්‍රාහි මාවතට යොමු කිරිම සඳහා මෙම සාකච්ඡාවේදී ආණ්ඩුවේ සුලු පක්ෂ නියෝජිතයන් විසින් ජනාධිපතිවරයාට උපාය මාර්ගික යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. එහිදි ඔවුන් යෝජනා කර ඇත්තේ ආණ්ඩුවේ පක්ෂ සන්ධානයේ නායකත්වය ගෝඨාභය රාජපක්ෂ විසින් බාරගත යුතු බවත් නිරන්තරයෙන් සුලු පක්ෂ නියෝජිතයන් සමඟ සම්බන්ධ වෙමින් සාකච්ඡා පවත්වමින් 2025 ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ප්‍රචාරක යාන්ත්‍රණයකට දැන් සිටම එළඹිය යුතු බවත්ය. එහිදි ජනාධිපතිවරයා සමාජය තුළ ඔසවා තබාගෙන යාමේ වගකිම සුලු පක්ෂ 10 විසින් ඉටුකරන බවට ඔවුන් විසින් සපථ කොට ඇත.

එහෙත් ඊට පිලිතුරු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත්තේ ඊළඟ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් නොවන බවයි. ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ සුලු ජාතික ජන්ද ලබා ගත හැකි අපේක්ෂකයෙකු බවත් එම අපේක්ෂකයාට අවශ්‍ය කරන සිංහල ජන්ද ටික තමන් විසින් එකතුකර දෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

පසුගියදා මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් හා දුරකතන සංවාදයක් පවත්වා ඇති ජනාධිපතිවරයා උන්වහන්සේට පවසා ඇත්තේද තමන් නැවත ජනාධිපතිවරණයකට තරඟ නොකරන බවයි.

-Lankatruth

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *