තරුණයන් 11දෙනා පැහැරගැනීම; කරන්නාගොඩ ඇතුළු 14 දෙනෙකුට එරෙහි නඩුව මාස 05කින් කල් තියයි

තරුණයන් 11දෙනා පැහැරගැනීම; කරන්නාගොඩ ඇතුළු 14 දෙනෙකුට එරෙහි නඩුව මාස 05කින් කල් තියයි

තරුණයන් 11දෙනා පැහැරගැනීම; කරන්නාගොඩ ඇතුළු 14 දෙනෙකුට එරෙහි නඩුව මාස 05කින් කල් තියයි

වර්ෂ 2008 අගෝස්තු 08 වැනිදාත් 2009 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලය තුළදී කොළඹ කොටහේන සහ වැල්ලවත්ත ප්‍රදේශවලිනුත් ත්‍රීකුණාමලය, මඩකලපුව ඇතුලු ස්ථාන කිහිපයකදීත් තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව කැඳවීම ලබන ජුලි 02 වැනිදා තෙක් කල් තැබීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල (19) නියම කර තිබේ.

ඒ මෙම නඩුවේ විත්තිකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් ඔහු විත්තිකරුවකු ලෙස නම් කිරීමට එරෙහිව ගොනු කර ඇති අභියාචනය විභාග කර තීන්දුවක් ලබාදෙනතුරු නඩු විභාගය කල් තබන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ වසන්ත පෙරේරා කළ ඉල්ලීමක්, මහාධිකරණ විනිසුරුවරුන් වන චම්පා ජානකී රාජරත්න (සභාපති) අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පිළිගනිමිනි.

කප්පම් ලබාගැනීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසුරිය විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කරන ලදී.

මෙම සිද්ධිය හේතූවෙන් දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යයන්තර වශයෙන් ඇති වු ආන්දොළනාත්මක තත්වය පදනම් කරගනිමින් අධිකරණ සංවිධාන පනතේ 12 (2) වගන්තිය යටතේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 450 (4) වගන්තිය යටතේ නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීමකට අනුව අගවිනිසුරුවරයා විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී.

වර්ෂ 2008 අගෝස්තු 08 වැනිදාත් 2009 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, ත්‍රීකුණාමලය, මඩකලපුව ඇතුලු ස්ථාන කිහිපයකදී කස්තුරු ආරච්චිගේ ජෝ රීට්, රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඩ් සාජිත්, ජමාල්ඩීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරුආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් නමැත්තන් 11 දෙනෙකු මරා දැමීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව ඔවුන් පැහැරගෙන යෑම, අයුතු ලෙස සිරකර තැබීම, ඔවුන්ගේ දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම, මෙම තරුණයින් අතුරුදන් කිරීමට අදාළ සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා 667ක් සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ නිලන්ත සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ, සංජිත් නිලංග සේනාරත්න, නලීන් ප්‍රසන්න වික්‍රමසුරිය, ඇන්ටන් ප්‍රනාන්දු, හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී දසනා, රාජපක්‍ෂ පතිරැහැන්ලාගේ කිත්සිරි, අරුණ තුෂාර මෙන්ඩිස්, කේ. ගාමිණි, චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි, උපුල් චමින්ද, නන්දප්‍රිය හෙට්ටි, සම්පත් ජානක කුමාර සහ හිටපු නාවික හමුදාපති වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩ යන අයයි.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී නඩුවේ 14 වැනි විත්තිකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හැර සෙසු විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

මෙම නඩුවේ, අතුරුදහන් වූ තරුණයෙකුගේ මව සහ ඥාති සොහොයුරියක විසින් තවත් සැකකරුවන් දෙදෙනෙකු 2019 ජනවාරි 09 වන දින මහේස්ත්‍රාත් නිල මැදිරියේ පැවති හඳුනාගැනීමේ පෙරෙට්ටුවකදී හඳුනා ගනු ලැබිණි. කොළඹ කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ එදින නඩුව කැඳවූ අවස්ථාවේ නඩුවේ මෙතෙක් සිටි සැකකරුවන්ට අමතරව තවත් සැකකරුවන් දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඒ, නාවික හමුදාවේ සුළු නිලධාරීන් දෙදෙනෙකු වශයෙන් කටයුතු කළ බල නැවියෙකු වන ඉඹුලාන ලියනගේ උපුල් චමින්ද නොහොත් “අන්නච්චි” නැමැත්තා සහ සංජය ප්‍රසාද් දිලංක සේනාරත්න යන අය වන අතර ඔවුන් නඩුවේ ප්‍රධාන සැකකරු වන ඩී.කේ.පී දසනායකගේ අණට අදාළ කප්පම් මුදල් එකතු කළ අය බව හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී ත්‍යාගරාජා පරමේෂ්වරී සහ ත්‍යාගරාජා ජෙයා යන අය විසින් හඳුනා ගෙන තිබිණි.

“අන්නච්චි” යන අය විසින් ත්‍රීකුණාමලයේ, තඹලගමුව ප්‍රදේශයේදී බලහත්කාරයෙන් ත්‍යාගරාජා ජෙගන් නමැති ළමයාගේ මව වන ත්‍යාගරාජා පරමේශ්වරී නමැත්තියගෙන් ලක්ෂ 05ක මුදලක් යතුරුපැදියකින් පැමිණ බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබූ අතර පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති ජෝන් රීට් නමැති ළමයාගේ මව වන සන්සුන් සහාරා නැමැත්තියගෙන්ද “අන්නච්චි” යන අය ලක්ෂ 05ක මුදලක් ලබාගෙන ඇති අතර ඒ පිළිබඳ හඳුනාගැනීමේ පෙරට්ටුව ඉදිරි දිනයකදී පැවැත්විමටත් නියමිතව තිබිනි.

සිද්ධියේ 11 වැනි සැකකරු වන නාවික හමුදාවේ සුළු නිලධාරීයෙකු වන සංජීව ප්‍රසාද් දිලංක සේනාරත්න නැමැත්තා “අන්නච්චි” යන අය කප්පම් ලබා ගැනීමට යෑමේදී ඔහු සමඟ යතුරුපැදිය පදවාගෙන ගොස් ඇති බවද එහිදි අනාවරණය වී තිබිණි.

එම සිද්ධියේ සැකකාර ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් “නේවි සම්පත්” යන අයට සැඟව සිටීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එවකට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීලට් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට චෝදනා එල්ල වී ඇත.

ඊට අදාළ සාක්ෂිද ලැබී තිබූ අතර නේවි සම්පත් නැමැත්තා කලක් විදේශගතව සිට ඇත්තේද කරන්නාගොඩ මහතාගේ උදව්වෙන් බවත් පසුව ඔහු සැඟව සිට ඇත්තේද කන්නාගොඩ මහතාට අයත් නිවසක බවත් අනාවරණය වී තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *