මෙරට කිරිවලින් ස්වයංපෝෂිත කර, නවසීලන්ත කිරි නවත්වන්න ආණ්ඩුව සූදානම්

මහින්දානන්ද ගුවන්තොටුපොළෙන් හරවා යවයි

මහින්දානන්ද ගුවන්තොටුපොළෙන් හරවා යවයි

දිනකට ඇමරිකානු ඩොලර් මිලියනයක කිරි පිටි ආනයනය කෙරෙන බවත්, ඉදිරි වසර හතර ඇතුළත මෙරට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමෙන් අනතුරුව කිරි පිටි ආනයනය නතර කර දියර කිරි ප්‍රචලිත කිරීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ (16) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක දී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

නවසීලන්තයේ දෙවැනි විශාලතම කිරි පිටි අපනයනකරු ශ්‍රී ලංකාවයි. කිරි පිටි ආනයනය නතර කළ සැනින් නවසීලන්ත අගමැතිවරයා මෙරටට පැමිණෙනු ඇති බවද ඇමැතිවරයා පැවසුවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *