රජය වතු කම්කරුවන් රවට්ටන්න උත්සාහ කරනවා – විජිත හේරත්

රජය වතු කම්කරුවන් රවට්ටන්න උත්සාහ කරනවා - විජිත හේරත්

රජය වතු කම්කරුවන් රවට්ටන්න උත්සාහ කරනවා - විජිත හේරත්

වතු කම්කරුවන්ට රුපියල් දාහක් දීමේ උවමනාවක් රජයට නැහැ. ඒවගේ උවමනාවක් තියෙනවානම් මූලික වැටුප් සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එමගින් ලබා දිය හැකියි.

ඒවගේම රජය දැනට ගෙන ඇති තීරණයට අනුව රුපියල් 1000 ජීවන වියදම් දීමනාව ලබා දීමටත් පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගත යුතු බවත් ජාතික ජනබලවේගයේ සාමාජික විජිත හේරත් මහතා පවසා සිටියේය.

පාර්ලිමේන්තුවේ පැවති කම්කරු අමාත්‍යංශය යටතේ වූ සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ වූ විවාදයට සහභාගී වෙමින් සිදු කළ කතාවෙිදී ඔහු මේ බව සඳහන් කළේය.

ඔහු තවදුරටත් අදහස් දක්වමින්,

වතු කම්කරුවන් සඳහා රුපියල් දහසේ ඉල්ලීම අද ඊයේ ආපු එකක් නොවන බවත් අවුරුදු 10 ට පෙර සිටම එය කතා වන බවත් පවසා සිටියේය.

කිසිම රජයක් එය ලබා දුන්නේ නෑ. දැනට සිටින රජයත් එය ලබා දුන්නේ නෑ. මැතිවරණයට පෙරම මාර්තු මස සිට ලබා දෙන බව අගමැති තුමා කියලා තිබුණා.
ඊට පසු අයවැය මගින් ජනවාරි මස සිට රුපියල් දහස ලබා දෙන බව කීවත් දැනට ස්ථිර තීරණයක් නොමැති තත්වයක පවතී. ඔවුන්ට එය ලබා දෙන උවමනාවක් තිබෙනවා නම් සම්මත කර ගන්න පහසු ක්‍රම තියෙද්දී ඇයි වටින් ගොඩින් ඇවිත් සම්මත කරන්න උත්සාහ කරන්නේ? මූලික වැටුප් සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එමගින් රුපියල් 1000 ලබා දිය හැකියි. නමුත් රජය වතු කම්කරුවන් රවට්ටන්න උත්සාහ කරනවා.

තවද රු.900 මූලික වැටුප සහ රු.1000 ජීවන වියදම් දීමනාව යන කාරණයට හාම්පුතුන් විරුද්ධ වෙති. මෙවැනි තත්වයක් උඩ මෙය ගැසට් කළ පසු හාම්පුතුන් අධිකරණ ක්‍රියාමාර්ග වලට ගියේ නම් අධිකරණයේ නඩු ඇති නිසා මෙම දීමනාව ලබා දිය නොහැකි බව පවසමින් ඉන් වැලකී සිටිමට රජයට පුළුවන්. පහසු විධියට එය ලබා දෙන්න තිබුණා.

ඒවගේම රජය පවසන රුපියල් දහස හාම්පුතුන් විසින් ලබා දෙන්නේ නම්, දින 13කට පමණක් වැඩ ලබා දෙන බව ඔවුන් පවසති. එවැනි තත්වයක රජය ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද යන්න පිළිබඳව කිසිදු පැහැදිලි බවක් නොමැති බවත් ඔහු පවසා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *