බිලියනයක් ගිල්ලත් ඉන්දපු ගහක් නැති මීතොටමුල්ල නාගරික උද්‍යානය

මීතොටමුල්ල නාගරික උද්‍යානය

මීතොටමුල්ල නාගරික උද්‍යානය

නාගරික උද්‍යානයක් ඉදිකිරීමට සූදානම් වූ මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටුණු ස්ථානයේ මේ වනවිට යටකර පස් දමා ඇති කසළ එතැනින් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැරසෙයි.

එහි නාගරික උද්‍යානයක් ඉදිකිරීම සඳහා අක්කර 22 භූමි ප්‍රමාණයක කසළ තුනීකර පස්පුරවා තණ පිදලි අල්ලා ඇතත් එහි උද්‍යානයක් ඉදිකිරීමට සුදුසු තත්ත්වයක් නැතැයි නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා ලංකාදීපයට පැවැසීය.

රුපියල් බිලියනයක් පමණ ඊට වැයකොට ඇතත් බිලියනයක් වැය වන වැඩක් එහි සිදුවී නැතැයි කී රණවීර මහතා බිලියනයක් වැය කරනවිට එහි තිබු කුණු කන්ද ඉවත්කිරීමට පවා හැකියාව තිබු බව ද කීය.

2016 වසරේදී මෙම කුණු කන්ද කඩාවැටුණු අතර ඉන්පසු එහි තිබු කුණු තුනී කර ඒ මත පස්පුරවා නාගරික උද්‍යානයක් ඉදිකිරීමට එවකට පැවැති රජය පියවර ගත් නමුත් සිදුකර තිබුණේ කිසිදු ප්‍රමිතියකන් තොරව පස්පුරවා පිදලි ඇල්ලීමක් පමණක් බවත් උද්‍යානයක් සඳහා කිසිදු සැළැස්මක් නොතිබු බවත් හෙතෙම කියා සිටියේය.

වියදමට සරිලන සංවර්ධනයක් එහි සිදුව නොතිබු බවත් කෙසේ වෙතත් නාගරික උද්‍යානයකට සුදුසු තත්ත්වයක් එහි නොමැති බවත් කී අධ්‍යක්ෂ ජනරාල්වරයා එහි ඇති කසළ ඉවත් කළ යුතු බවට නාගරික සංවර්ධන අධිකාරිය තිරණය කර ඇති බැවින් ඒ සඳහා වන අධ්‍යයනයක් මේ වනවිට සිදුවෙමින් පවතින බව ද රණවීර මහතා කියා සිටියේය.
-lankadeepa

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *