මාරක රිය අනතුරු වල සීඝ්‍ර වර්ධනයක් – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

ගෙවුණු මාස 10 තුළ රිය අනතුරු 1,638කින් මරණ 1,733ක්

ගෙවුණු මාස 10 තුළ රිය අනතුරු 1,638කින් මරණ 1,733ක්

මෙරට මාරක රිය අනතුරු වල සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි.

(14) දිනයේ ද මෙරටින් මාරක රිය අනතුරු වලින් පුද්ගලයන් 07 දෙනෙකු මිය ගොස් ඇති අතර මින් 05 දෙනෙකු (14) සිදු වූ රිය අනතුරු වලින් ද දෙදනෙකු මින් පෙර සිදු වූ රිය අනතුරු වලින් ද මිය ගොස් ඇත.

සමස්තයක් ලෙස අධ්‍යයනය කරන විට දිනකට රිය අනතුරු නිසා පුද්ගලයින් 40 කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *