මැතිවරණය දිනා ගත් පසු ආණ්ඩුව කොරෝනා මර්දනය අත්හැරි ආකාරය මෙන්න!

මැතිවරණය දිනා ගත් පසු ආණ්ඩුව කොරෝනා මර්දනය අත්හැරි ආකාරය මෙන්න!

මැතිවරණය දිනා ගත් පසු ආණ්ඩුව කොරෝනා මර්දනය අත්හැරි ආකාරය මෙන්න!

පසුගිය මහා මැතිවරණය දක්වා මෙරටේ කොරෝනා ව්‍යාප්තිය විශාල වශයෙන් පාලනය කර තිබී මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ආණ්ඩුව ජනතාව මත කොරෝනා පාලනයේ වගකීම සම්පූර්ණයෙන්ම පටවා නිදහස් වීමත් සමග රට තුළ බිහිසුණු අයුරින් වෛරසය ව්‍යාප්ත වී තිබේ.

පෙබරවාරි 08 වන දින වනවිට මුළු ආසාදිතයන් සංඛ්‍යාව 70,000 සීමාව පැණ තිබූ අතර, 2020 පෙබරවාරි 15 වැනිදා පළමු ආසාදිතයා මෙරටින් හමුවූ තැන් සිට අගෝස්තු 05 වැනිදා මහා මැතිවරණය පවත්වන තුරු මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2,839ක් වී තිබිණ. එතැන් සිට ඔක්තෝබර් 30 වැනිදා ආසාදිතයින් 10,000 ඉක්මවා ගිය අතර මාස තුනකට ආසන්න කාල සීමාවකදී මැතිවරණයෙන් පසුව ආසාදිතයින් 7,585කින් ඉහළ ගොස් තිබිණි.

ආසාදිතයින් 10,000 බැගින් වූ කඩඉම් සීමාවන් සඳහා ගෙවී තිබුණු දින ගණන් පහත දැක්වෙන අයුරින්ය.

2020 පෙබරවාරි 15 සිට 2020 ඔක්තෝබර් 30 දක්වා මුළු ආසාදිතයින් 10,424 කි. ගෙවුණු දින ගණන 257කි.
ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 22 දක්වා ආසාදිතයින් 20,171දක්වා ඉහළ ගොස් තිබේ. ගෙවුණු දින ගණන 23කි. එම කාලය තුළ වාර්තා වූ ආසාදිත ගණන 9,747කි.
නොවැම්බර් 22 සිට දෙසැම්බර් 09 වැනිදා වන විට ආසාදිතයින් 30,072ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගෙවුණු දින ගණන 17කි. එම කාලය තුළ වාර්තා වූ ආසාදිත ගණන 9,901කි.
දෙසැම්බර් 09 වැනිදා සිට දෙසැම්බර් 26 වැනිදා දක්වා 40,380ක් වී ඇත. ගෙවුනු දින ගණන 17කි. එම කාලය තුළ වාර්තා වූ ආසාදිත ගණන 10,308කි.

දෙසැම්බර් 26 සිට 2021 ජනවාරි 13 දක්වා 50,229ක් දක්වා ඉහළ ගොස් ඇත. ගෙවුණු දින ගණන 18කි. එම කාලය තුළ වාර්තා වූ ආසාදිත ගණන 9,849කි.
ජනවාරි 13 වැනිදා සිට ජනවාරි 27 වැනිදා දක්වා 60,694කි. ගෙවුණු දින ගණන 14කි. එම කාලය තුළ වාර්තා වූ ආසාදිත ගණන 10,465කි.
ජනවාරි 27 වැනිදා සිට පෙබරවාරි 11 වැනිදා අවසන් වනවිට 73,166කි. ගෙවුණු දින ගණන 15කි. එම කාලය තුළ වාර්තා වූ ආසාදිත ගණන 12,472කි.

– LT

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *