සෞඛ්‍ය අමාත්‍යාංශයට කොවිඩ් ආසාදිතයින් 4554ක් මගහැරිලා – රසායනාගාර සේවාවෙන් දැඩි චෝදනා !

පැය 72 කින් විසඳුමක් නැත්නම් වෘත්තීය සමිති අරගල බිමට - වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය

පැය 72 කින් විසඳුමක් නැත්නම් වෘත්තීය සමිති අරගල බිමට - වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය

මෙරට වෛද්‍ය රසායනාගාර සේවාවෙහි දත්ත සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් ආසාදිතයින් පිළිබඳ ඉදිරිපත් කරන නිල සංඛ්‍යාලේඛන අතර බරපතළ වෙනසක් ඇති බවත් මේ වාර්තා අනුව කොවිඩ් ආසාදිතයින් 4500කට අධික ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට මගහැරී ඇතැයි පෙන්නුම් කෙරෙන බවත් වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

“අද (11) වෙනකොට රසායනාගාර සේවාවේ දත්ත වලට අනුව පළමු වරට කොවිඩ් ආසාදිතයින් වශයෙන් හඳුනාගත් ආසාදිතයින් 76728ක් ඉන්නවා. නමුත් ඊයෙ දවස වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කරපු දත්ත අනුව අපේ රටේ රෝගීන් හඳුනාගෙන තියෙන්නෙ 72174 යි. ඒ අනුව 4554ක රෝගීන් ප්‍රමාණයක් මගහැරිලා තියෙනවා මේ වාර්තාවලට අනුව.

5000කට ආසන්න රෝගීන් ප්‍රමාණයක් ආගිය අතක් නෑ වගේ තත්වයක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ මේ දත්ත දෙකෙන් පෙන්නුම් කරන්නෙ. මේ 5000ට මොකද වුණේ ?” යනුවෙනුයි ඒ මහතා ප්‍රශ්න කළේ.

රවී කුමුදේශ් මහතා මේ බව පැවසුවේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රජය විසින් දෛනික කොවිඩ් ආසාදිතයින් සම්බන්ධ තොරතුරු සඟවන බවට මීට පෙර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද චෝදනා කර තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *