(VIDEO) රටේ බාල වයස්කාර මව්වරුන්ගෙන් 80%ක් මුස්ලිම් නොවන දරුවන් : අලී සබ්රි පාර්ලිමේන්තුවේදී කියයි

මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය වන ආකාරය

මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය වන ආකාරය

බාල වයස්කාර දරුවන් විවාහ වීම සිදුනොකල යුතු බවට තමන්ගේ මතය බවත් මෙරට බාල වයස්කාර විවාහ කෙසේ වෙතත් අඩු වයසින් දරුවන් ලැබුණු මව්වරුන් සිටින බවත් ඉන් සියයට 80ක් මුස්ලිම් නොවන දරුවන් බව අධිකරණ අමාත්‍ය අලී සබ්රි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටිනවා.

පුජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

” 2020 නොවැම්බර් මාසයේ දී කැබිනට් පත්‍රිකාවක් තමන් විසින් යොමු කළා. එහිදී අනෙක් දරුවන්ට මෙන් මුස්ලිම් දරුවන්ගේ විවාහ වීමේ වයස් සීමාව අවුරුදු 18 විය යුතු බවත්, කාන්තාවන්ටද කාතිවරුන් ලෙස ක්‍රියා කිරීමට හැකියාව තිබෙන බව මෙන්ම විවාහ වීමේදී කාන්තාවන්ට ද අත්සන් තැබිය යුතුය යන යෝජනා එහිදී සිදුකර තිබෙනවා. මෙම සියලු දේ ක්‍රමක් ක්‍රමයෙන් යථාර්තයක් බවට පත් කර ගැනීමට උත්සහ කරමින් සිටිනවා. මොකද මෙය බලෙන් ඇගේ ගහන්න බැහැ. සමාජයේ මේකට අදාළ පුද්ගලයින් සමග කතාබස් කරලා සිදුකරන්න අවශ්‍ය දෙයක්” අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

– NW

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *