‘සෙලනිකා’ බේරගන්න වනජීවියේ දේවානි යළි එළියට එයි

‘සෙලනිකා’ බේරගන්න වනජීවියේ දේවානි යළි එළියට එයි

‘සෙලනිකා’ බේරගන්න වනජීවියේ දේවානි යළි එළියට එයි

ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි ලංකාවට ආවේණික අති දුර්ලභ ශාක විශේෂයක් වූ කෘඩියා සෙලනිකා (Crudia Zelanica) ශාකය ඉවත් කිරීමට ගත් උත්සාහය ගම්පහ දිසා වනජීවී නිලධාරීනී දේවානි ජයතිලකගේ මැදිහත්වීම මත වළක්වා ගැනීමට හැකිව තිබේ.

ලෝකයෙන් තුරන් වී ඇති බවට ලෝක රතු දත්ත නාමාවලියේ පවා සඳහන්ව තිබූ මෙය ශ්‍රී ලංකාවට ආවේණික වූ ශාකයකි.

පරිසරවේදීන් පවසන්නේ, මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා දිවෙන කොටස ඉදි කිරීම සඳහා අදාළ ශාකය පිහිටි බිම් ප්‍රදේශය වෙන් කර ඇති බවය.

ශාකයට හානි නොවන ලෙස මාර්ගය ඉදිකිරිම සඳහා මින් පෙර එකඟතාවකට පැමිණ තිබුණත් ඊයේ ඒ අවට තිබූ ගස්වැල් සහ පස් ඉවත්කර ඇති බවයි. ඒ අසල තවත් ගස් ගණනාවක් ද ගලවා තිබී ඇති අතර ගම්පහ දිසා වනජීවී නිලධාරීණී දේවානි ජයතිලක මැදිහත්වීම මත කෘඩියා සෙලනිකා ශාකය ගලවා දැමීම නැවතී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් වනජීවී අධ්‍යක්ෂ චන්දන සූරියබණ්ඩාර පවසා ඇත්තේ මෙම ශාකය විධිමත්ව ගලවා සුදුසු ස්ථානයක රෝපණය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එකඟතාවයකට පැමිණ ඇති බවයි.

ගම්පහ දිසා වනජීවී නිලධාරීණී දේවානි ජයතිලක පවසන්නේ මේ ශාකය ගලවා වෙන තැනක සිටුවීමට ලංකාවේ තාක්ෂණයක් තිබේද යන ප්‍රශ්නය මතුවන බවයි. එසේම දැනට ශාකය පිහිට තිබෙන ස්ථානයේ තිබෙන ආරක්‍ෂිත අනෙකුත් ශාක ගැන තැකීමක් නොකර ඩෝසර් කිරීම සිදුකර ඇතැයිද ඇය පවසයි.

දේවානි ජයතිලක වැඩිදුරටත් පවසා ඇත්තේ කෘඩියා සෙලනිකා ශාකය ආරක්ෂා කරන ක්‍රමවේදය ගැන තවම තීරණයක් ගෙන නොමැති බවත් විශේෂඥයන්ගේ අදහස මෙම ශාකය පිහිටි ස්ථානයේම සුරක්ෂිත කරමින් පාර වෙනස් කළ යුතු වීම බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *