සිංහල සිසුන් දෙමළින්ද, දෙමළ සිසුන් සිංහලෙන්ද ජාතික ගීය ගායනා කරමින් වවුනියාහි නිදහස් දින සැමරුම්

0
සිංහල සිසුන් දෙමළින්ද, දෙමළ සිසුන් සිංහලෙන්ද ජාතික ගීය ගායනා කරමින් වවුනියාහි නිදහස් දින සැමරුම්

සිංහල සිසුන් දෙමළින්ද, දෙමළ සිසුන් සිංහලෙන්ද ජාතික ගීය ගායනා කරමින් වවුනියාහි නිදහස් දින සැමරුම්

වවුනියාව මහජන ක්‍රීඩාංගනයේ පැවති 73 වන නිදහස් දින සැමරුම් උත්සවය දිසාපති සමන් බන්දුලසේන ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම උත්සව අවස්ථාවේදී සිංහල සිසුන් විසින් දෙමළින් ජාතික ගීය ගායනා කළ අතර, දෙමළ සිසුන් විසින් සිංහලෙන්ද ජාතික ගීය ගායනා කරන ලදී. මෙම අවස්ථාවට සර්ව ආගමික නියෝජිතයන්ද, ආරාධිත අමුත්තා ලෙස පාර්ලිමෙන්තු මන්ත්‍රී දිලීපන්, වන්නි දිස්ත්‍රික් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, වවුනියා දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීන්, පාසල් දරුවන්, ගුරුවරුන් ඇතුළු මහජනතාව සහභාගී වූහ.

කොවිඩ් ව්‍යාප්ති තත්වය මත ආචාර පෙළපාලිය සිදු නොවූ අතර උත්සවය අවසානයේ පැළ සිටුවීම සිදුවිය.

https://www.youtube.com/watch?v=dds7akIeZ68

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *