දෙමළ සහ මුස්ලිම් ජනයා එක්ව සිංහල ජාතිවාදය පරද්දන්න පුළුවන් – සුමන්දිරන්

0
දෙමළ සහ මුස්ලිම් ජනයා එක්ව සිංහල ජාතිවාදය පරද්දන්න පුළුවන් - සුමන්දිරන්

දෙමළ සහ මුස්ලිම් ජනයා එක්ව සිංහල ජාතිවාදය පරද්දන්න පුළුවන් - සුමන්දිරන්

දෙමළ හා මුස්ලිම් අය එක්ව නැගී සිටියොත් පමණයි සිංහල ජාතිවාදයට විරුද්ධව මුහුණ දිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් ප්‍රකාශ කර සිටියේය. රටේ සුළුජාතීන්ට එරෙහිව සිදුවෙමින් පවතින බලපෑම් හෙළා දකිමින් දෙවන දිනයටත් පැවති විරෝධතා පා ගමන අතර තුර අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.

මුස්ලිම් ජනතාවට දැන් උද්ගතවී ඇති ප්‍රධාන ගැටළුව මරණ භූමදානය කිරීම සම්බන්ධ ගැටළුවයි. මුස්ලිම් අයත් එක්ව අපි මේ සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය පෙන්වා ඇත්තෙමු. ඒ වගේම දෙමළ අයටත් මුල ඉදන්ම ගැටළු පවතී.

දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුයි. පැහැරගෙන අතුරුදන් කළ වූවන්ට යුක්තිය ඉටු විය යුතුයි. අපේ ඉඩම් අත්පත් කරගැනීම් වහාම නැවැත්විය යුතුයි. දේවාලයන් බිඳ දැමීම නැවැත්විය යුතුයි.

ඒ වගේම වතුකර කම්කරුවන්ට රුපියල් දහස වැටුප් වැඩිවීම ගැන කියමින් කල්මරා ඇත. මේ වගේ ගැටළු බොහෝමයක් දෙමළ ජනයාට එරෙහිව මෙම රටේ පවතී. මේ සියලූ ජාතිවාදී ක්‍රියා මැඩලීමට, මුස්ලිම් දෙමළ එක්වූවොත් පමණක් ජය ගත හැකි වන්නේය.

මේවන තෙක් තනි තනිව අපව හසුරවනු ලැබුවා. දැන් අපිව එලෙස පාලනය කිරීමට නොහැකි බව මෙම විරෝ‍ධය මගින් අපි පණිවුඩයක් ලබා දෙන්නෙමු. මෙම එකමුතුකම තවදුරටත් පැවතිය යුතුයි. දෙමළ කතා කරන ජනතාව වශයෙන් අප එකිනෙකාට සහයෝගයෙන් සිටිය යුතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com