ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් සමාජ මාධ්‍යයේ හාස්‍යයට ලක්වේ

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් සමාජ මාධ්‍යයේ හාස්‍යයට ලක්වේ

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් සමාජ මාධ්‍යයේ හාස්‍යයට ලක්වේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා (04) ජාතික නිදහස් දින සමරුවේදී සිදු කරනු ලැබූ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ මේ වනවිට හාස්‍යයට ලක්වෙමින් තිබේ. ජනාධිපතිවරයා නිදහස් උත්සව අවස්ථාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා තිබුණි. “රටේ ජනතාවගේ විශේෂ අවධානයට ලක්වී ඇති පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය, මහ බැංකු වංචා වැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසට මම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මට දැන් ලැබී තිබෙනවා. එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.” මෙම ප්‍රකාශය උපුටා දක්වමින් ප්‍රධාන මාධ්‍ය ආයතනයක නිල ෆේස් බුක් පිටුවේ එය පළකර තිබෙන්නේ “පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්ට ගැලවී යාමට ඉඩ දෙන්නේ නෑ – ජනාධිපති” යනුවෙනි. එම ප්‍රවෘත්තිය පළකර පැය පහකට පසුව සමාජ මාධ්‍ය පරිශීලකයින් ඊට ප්‍රතිචාර 8.5K එක්කර තිබුණු අතර ඉන් 6.1K කගේ ප්‍රතිචාරය පළකර තිබෙන්නේ එම ප්‍රකාශය හාස්‍යයට ලක්කරමිනි.

– LT

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *