‘මුදල් ඇමති ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනය අද බලරහිත කළා’: ආනයන – අපනයන පාලක ජනරාල් කියයි

'මුදල් ඇමති ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනය අද බලරහිත කළා': ආනයන - අපනයන පාලක ජනරාල් කියයි
ටයිල් හා නාන කාමර උපාංග ආනයනය තහනම් කරමින් පනවා තිබූ ගැසට් නිවේදනය අහෝසි කර මුදල් අමාත්‍යවරයා (02) නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කෙරෙන උපදෙසක් ආනයන – අපනයන පාලක ජනරාල් දමයන්ති එස්. කරුණාරත්න මහත්මිය විසින් නිකුත් කරනු ලැබ තිබේ.
එම උපදෙස සියලු වාණිජ බැංකු ප්‍රධාන විධායක නිලධාරීන් වෙත නිකුත් කර ඇත. ඒ අනුව, ටයිල් හා නානකාමර උපාංග ආනයන සීමා තවදුරටත් බලපැවැත්වෙනු ඇත.
ආනයන – අපනයන පාලක ජනරාල් දමයන්ති එස්. කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කළේ, රජයේ උපදෙස් මත තමන් ක්‍රියා කළ බවය.