මගුරු ගඟ සහ අත්තනගලු ඔය අවට ප්රදේශවලට ගංවතුර පූර්ව අනතුරු ඇඟවීම්
පසුගිය පැය 24 පුරා දිවයිනේ ප්රදේශ කිහිපයකට ඇදහැලුණු තද වැසි හේතුවෙන් මගුරු ගඟ සහ අත්තනගලු ඔය ආශ්රිත පහත්බිම් සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
අද (15) දින නිකුත් කරන ලද ගංගා ජල මට්ටම් සහ වර්ෂාපතන වාර්තාවට අනුව, දිවයිනේ ප්රධාන ගංගා ද්රෝණි බොහොමයක ජල මට්ටම් සාමාන්ය තත්ත්වයේ පැවතියද, මගුරු ගඟ සහ අත්තනගලු ඔය ආශ්රිත ප්රදේශවල ජල මට්ටම් ‘අවධානම්’ (Alert) මට්ටමට පැමිණ තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ලංකා විදුලිබල මණ්ඩලය සතු වර්ෂාමාන මධ්යස්ථාන සටහන් කරගත් දත්තයන්ට අනුව, පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 131.7ක වර්ෂාපතනයක් ග්ලෙන්කෝස් (Glencourse) ප්රදේශයෙන් වාර්තා වී ඇත.
හදිසි ගංවතුර තත්ත්වයන් තක්සේරු කිරීම සහ ආපදා කළමනාකරණ මෙහෙයුම් සඳහා සහාය වීම පිණිස වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ප්රධාන ගංගා ද්රෝණිවල ජල මට්ටම් සහ වර්ෂාපතනය පිළිබඳව අඛණ්ඩව නිරීක්ෂණය කරනු ලබයි.
පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්රදේශ ඇතුළුව අදාළ ගංගා ආශ්රිත පහත්බිම්වල ජීවත්වන ජනතාවට ගංඟාවල ජල මට්ටම කෙරෙහි දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීහු ඉල්ලා සිටිති.
