තරුණ සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු ජාතික පර්යේෂණ සමුළුව හෙට
තරුණ සංවර්ධන පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු ජාතික පර්යේෂණ සමුළුව හෙට …!
තරුණ සංවර්ධන පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු ජාතික පර්යේෂණ සමුළුව සැප්තැම්බර් මස 16 සහ 17 දෙදින තුළ අග්‍රාමාත්‍ය , ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
සමුළුව සැප්තැම්බර් 16 වැනිදා රත්මලාන පිහිටි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල ශ්‍රවනාගාරයේ දී උදෑසන 9ට ආරම්භ වන අතර, එදින සවස හා 17 වැනිදා දවස පුරා විද්වත් සංවාද හා සාකච්ඡා මණ්ඩප පැවැත්වීමට සැලසුම් කර ඇත.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය (OUSL) ඒකාබද්ධව ශ්‍රී ලංකා තරුණ ප්‍රජාව සතු විභවතාවයන් හදුනාගනිමින්, ඔවුන් රටේ තිරසාර සංවර්ධනයට දායක කරගැනීමේ අරමුණින් හා තරුණ සංවර්ධන කටයුතු සිදු කිරීමේදී අවශ්‍ය දත්ත ලබා ගැනීමේ අරමුණින් තරුණ සංවර්ධන පිළිබඳ ජාතික පර්යේෂණ සමුළුව සංවිධානය කරනු ලබයි.
විශ්ව විද්‍යාල සිසුන් (උපාධි / පශ්චාත් උපාධි), ස්වාධීන පර්යේෂකයන්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශවල වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ තරුණ සංවර්ධනය කෙරෙහි උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මේ සඳහා දායක විය හැකි අවස්ථාව ලබාදී තිබූ අතර, තරුණ පර්යේෂකයින් 200 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මේ සදහා සිය සාරාංශ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කර තිබුණි. සමුළුවේ දී පර්යේෂණ පත්‍රිකා 67ක් ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ අතරින් තෝරාගත් තරුණ පර්යේෂකයින් 40 දෙනෙකු සදහා රුපියල් 25,000 බැගින් වූ පර්යේෂණ දිරි දීමනාවක් ලබා දීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පසුගිය දා සිදු කෙරුණි.
සමුළුවේ ප්‍රධාන දේශනය ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පී. එම්. සී. තිලකරත්න මහතා විසින් සිදු කිරීමට නියමිත අතර, පර්යේෂණ සඳහා උනන්දුවක් දක්වන තරුණ තරුණියන් 500කට අධික ප්‍රමාණයක් මේ වන විටත් සමුළුව සඳහා සහභාගී වීමට ලියාපදිංචි වී සිටියි.
මෙම ප්‍රවෘත්තිය ඔබගේ මාධ්‍ය මගින් ප්‍රචාරය කර දෙන ලෙස ඉල්ලා සිටිමු. අපගේ මාධ්‍ය කටයුතු වෙනුවෙන් ඔබ දක්වන සහයෝගයට ස්තුතියි.
මාධ්‍ය අංශය
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
