ලංකාවට විරුද්ධ ජිනීවා තීරණය සම්මත කර ගතයුතුයි – ජිනීවා හියුමන් රයිට්ස් වොච්

නෙළුම් කුළුණේ මාසයක් තුළදී ලක්ෂ 900ක ආදායමක්

නෙළුම් කුළුණේ මාසයක් තුළදී ලක්ෂ 900ක ආදායමක්

ශ්‍රී ලංකා රජය පසුගිය කාලයන්හි බරපතල දූෂණ වංචා සිදුකළ නිලධාරීන්ගේ වගවීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගවලට දැඩි ලෙස විරුද්ධ වෙමින් ඒවා වලක්වමින් සිටී. එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් කවුන්සිලයේ දී, ශ්‍රී ලංකාවේ සිදුකළ දැඩි ජාත්‍යන්තර අපරාධ සඳහා යුක්තිය පසිඳලීමේ තීරණ සම්මත කරගන්නා අතරම, අඛණ්ඩව සිදු කරන උල්ලංඝණය කිරීම් නැවැත්විය යුතු බව ජිනීවා හියුමන් රයිට්ස් වොච්(මානව හිමිකම් අධීක්ෂණ | Human Rights Watch) අධ්‍යක්ෂ ජෝන් ෆිෂර් සඳහන් කර ඇත.

මේ පිළිබඳව මෙම මස සදුදා දින නිකුත් කළ වාර්තාවක සඳහන් කරමින්,

 

John Fisher - Geneva Director of Human Rights Watch
John Fisher – Geneva Director of Human Rights Watch

මෙලෙස සම්මත කරගන්නා තීරණය මගින් බලපෑම්වලට ලක්වූ පවුල් වලට සාධාරණයක් ඉටු වන බවට වූ විශ්වාසයක් ඇති කළ යුතු බවත් පවසා ඇත.

2020 වර්ෂයේ දී වගවීම සම්බන්ධ අයිතිය ලබා දීමේ උත්සාහයන් සැලකියයුතු ප්‍රමාණයකින් අඩුවී ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසා ඇත. මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී සිදු කළ ඝාතනයන්, පැහැරගෙන ගොස් අතුරුදන් කළ වූවන් පිළිබඳව විමර්ශනය කරන උසස් නිලධාරීන් රටෙන් පිටව ගොස් ඇත. නැතහොත් ප්‍රසිද්ධියේ අසත්‍ය චෝදනා පටවා ඇත. ජනාධිපති විසින් පත් කරන ලද කොමිසම ඔහුගේ යහළුවන්ගේ සහ ආධාරකරුවන්ගේ අපරාධ නඩුවලට මැදිහත් වීමට උත්සාහ කර ඇත.

ජනාධිපති හට පැවති වැදගත් සීමාවන් ඉවත් කරමින් අධිකරණය සහ ව්‍යවස්ථාදායකය සහ මානව හිමිකම් කොමිසම වැනි ආයතනවල නිදහස සීමා කරමින් රාජපක්ෂ පාලනය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් එක් කර ඇත.

2009 දී අවසන් වූ යුද්ධයේ සිදු කළ යුද අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්, පොදු මාධ්‍යයන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් යහමින් ලේඛන ගත කර ඇත. 2005-2015 යන කාල වකවානුව තුළ නොයෙකුත් යුද අපරාධ බොහෝමයක් වාර්තා වී ඇත. 2019 දී ධූරයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම යුද අපරාධ වලට සම්බන්ධ ඉහළ නිලධාරීන් උසස් නිලතල වලට පත් කර ඇත.

යුද විරුවන්ට විරුද්ධව සිදුවන බලපෑමක් ලෙස සලකා ඔහු විසින් 2019 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තීරණ ප්‍රතික්ෂේප කරමින් එයින් බැහැර විය. අපරා‍ධ වලින් දඩුවම් ලැබූ සුළු ගණනකින් එක් අයෙකු ඔහු විසින් සමාව ලැබුවේය.

2015-2019 යන කාලය තුළ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන රජයේදී මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධ විවිධ පොලිස් විමර්ශනයන් සිදුවිය. නමුත් ඒවායින් බොහෝමයක් දැන් අත්හැර දමා ඇත. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම් වැනි විමර්ශනයන් දැන් අත්හැර දමා ඇත. 2006 දී ත්‍රිකුණාමලය ඝාතනය, එහි දෙමළ සිසුන් 5 දෙනෙක් ඝාතනය කරනු ලැබීය. තවද රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයන් 17 ක් මරා දැමීම සම්බන්ධ පරීක්ෂණයන් සහ තවත් වැදගත් විමර්ශනයන්හි කිසිදු ප්‍රගතියක් නැත.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය මර්ධනයද නැවත හිස ඔසවා ඇත. වින්ධිතයන් වෙනුවෙන් ක්‍රියා කරන ඔවුන් වෙනුවෙන් පෙනී සිටින අයවළුන් දැඩි අධීක්ෂණයට ලක් කරන අතර ඇතැම් අයට හිරිහැරද සිදු කර ඇත. එබැවින් වින්ධිතයන් සාධාරණය සහ යුක්තිය ඉටුකර ගැනීම සඳහා මානව හිමිකම් කවුන්සිලයෙන් උපකාර පතා පැමිණ සිටිති.

ශ්‍රී ලංකා රජය අවුරුදු ගාණක් නොසැලකිලිමත්ව ප්‍රතික්ෂේප කරමින් ඇතිකරන ප්‍රමාදය, ඔවුන් පෙන්වන විරෝධය සහ මීට පෙර ගෙන ඇති ක්‍රියාමාර්ග යනාදිය සැලකිල්ලට ගෙන අළුත් හා දැඩි ලෙස නැවත ගොඩනැගිය යුතුය. සභාවේ සාමාජිකයන් දැඩි ජාත්‍යන්තර අපරාධ සඳහා වන ජාත්‍යන්තර නීති සංකල්පයන්ට පක්ෂ විය යුතුය. බලය පැවරූ එක්සත් ජාතික ක්‍රමවේදයක් අනුව සාක්ෂි රැස්කිරීමටත් ආරක්ෂා කිරීමටත් ඒවා විශ්ලේෂණය කිරීමටත් අනිවාර්ය කළ යුතුය.

තවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වගවීම සඳහා වන ක්‍රම සම්බන්ධයෙන් සභාවට වාර්තා කළ යුතුයි. ශ්‍රී ලංකාව තුළ පවතින තත්වය පිළිබඳව වාර්තා සැපයීමට මානව හිමිකමි කොමසාරිස් හට නව විධානයන් සැපයිය යුතුයි. ජාත්‍යන්තර පීඩනය පවත්වා ගැනීම සඳහා අර්ථවත් අළුත් තීරණයක් වැදගත්ය. නැතහොත් ලොව පුරා සිටින දූෂිතයන්හට ඉතාමත් භයංකර පණිවුඩයක් ලබා දෙනු ඇත. එනම් රටවල් ඉතාමත් දැඩි අපරාධ පවා සැලකිල්ලට නොගෙන සිටීමට ලෑස්ති වී සිටින බවත් ජෝන් ෆිෂර් තම වාර්තාවේ සඳහන් කර තිබේ.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *