ස්පුට්නික් V කොවිඩ් එන්නත ගැන හෙළිදරව්වක්

තවත් මිලියන 06ක “ස්පුට්නික් V” එන්නත ශ්‍රී ලංකාවට

තවත් මිලියන 06ක “ස්පුට්නික් V” එන්නත ශ්‍රී ලංකාවට

ලොව කොරෝනා වෛරසයට එරෙහිව පළමුවෙන්ම භාවිතයට ගැනුණේ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් එන්නතයි. එරට සෞඛ්‍ය නියාමන බලධාරීන්ගේ අනුමැතිය ලැබූ එම එන්නත පසුගිය වසරේ අගදී භාවිතයට ගැනුණි.

නමුත් එම එන්නතේ සුරක්ෂිතතාව සහ සාර්ථකත්වය පිළිබඳව බටහිර රටවල් සැකයෙන් බැලීය.

නමුත් නවතම සොයාගැනීම් අනුව හෙළිවී ඇත්තේ කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ ඇතිවිට එම එන්නත 91.6%ක් සාර්ථක බවත් වෛරසයේ දරුණු සහ සාමාන්‍ය ආසාදිත තත්ත්වයන් සඳහා 100% සාර්ථක බවත්ය.

එම මුලික සොයාගැනීම් “The Lancet” සඟරාවේ පළවී තිබේ.

එම තොරතුරු ලබාගෙන ඇත්තේ පරීක්ෂණ සඳහා ඉදිරිපත්වූ 19,866 පුද්ගලයින්ගෙනි. ඉන් පුද්ගලයින් 14,964ක් සඳහා එන්නතේ මාත්‍රා දෙකක් දී ඇති අතර තවත් 4,902 දෙනෙක්ට සී ඇත්තේ ආදේශකයකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *