රිහානාගේ ආගම සෙවූ ඉන්දියානුවන්

රිහානාගේ ආගම සෙවූ ඉන්දියානුවන්

රිහානාගේ ආගම සෙවූ ඉන්දියානුවන්

ගොවීන්ගේ අරගලයට සහාය දක්වමින් පොප් ගායිකා රිහානා තම Twitter පිටුවෙහි පළ කල පණිවුඩයත් සමග බොහෝ ඉන්දියානු නෙටිසන්වරු ඇයගේ ආගම,ජාතිය,පසුබිම යනාදිය සම්බන්ධයෙන් Google මගින් සෙවීම් කර ඇත.

ඇමරිකානු සුප්‍රසිද්ධ පොප් ගායිකා රිහානා, දිල්ලි ගොවීන්ගේ අරගලයට සහාය දක්වමින් තම Twitter පිටුවෙහි සටහනක් පළ කළාය. දිල්ලිය අවට ප්‍රදේශවල අන්තර්ජාල සේවය නවතා දමන බවට පළ වූ පුවත රිහානා තම Twitter පිටුවෙහි “ඇයි අපි මේ ගැන කතා නොකරන්නේ? “ යනුවෙන් #FarmersProtest යන පදය සමග ප්‍රශ්න කර සිටියාය.

මෙලෙස පොප් ගායිකා රිහානා පළ කල පණිවුඩය දැනට ඉන්දියාවේ ප්‍රධාන පුවතක් බවට පත්වී ඇත. සෑම සමාජ මාධ්‍යයකම මෙම පුවත බහුලව හුවමාරු වෙමින් පවතී. ඇයගේ මෙම පණිවුඩයත් සමග පාරිසරික ක්‍රියාකාරීනියක් වන ග්‍රේටා ටැන්බර්ග්, මියා කලීෆා, කමලා හැරිස්ගේ ඥාතියකු වන මීනා හැරිස් ඇතුළු ප්‍රසිද්ධ ප්‍රවීණයන් බොහෝ දෙනෙක් අදහස් පළ කරමින් සිටිති. තවද මොවුන් ගේ මෙම පණිවුඩ සඳහා ඉන්දියානු සුප්‍රසිද්ධ සචින් ඇතුළු රංගනා තෙක් සෑම අයෙක්ම පිළිතුරු සපයමින් ප්‍රතිචාර දක්වා ඇත. එනම් බොලිවූඩ් තරු අජෙයි දේව්ගන්, කරන් ජෝහාරා, අක්ෂේ කුමාර් ඇතුළුව සචින් තෙන්ඩුල්කාර්, විරාත් කෝලි සහ කුම්බිලි යන අය ද ඉන්දියානු ප්‍රතිපත්තිවලට විරුද්ධ ප්‍රචාරයන්ට එක්ව නැගී සිටිය යුතු බව ඉල්ලා සිටියෝය.

මෙවැනි පසුබිමක රියානා ඉලක්ක කරගනිමින් නෙටිසන්වරු ඇයට විරුද්ධව අදහස් ( comments ) පළ කරමින් සිටිති. මෙනිසා රිහානා ඊයේ දවස තුළ ඉන්දියාව පුරාවටම ප්‍රවණතාවයක් බවට පත් වූවාය. පළමු වරට ඇය ගැන දැනගත් බැවින් ඇය පිළිබඳව තොරතුරු අන්තර් ජාලය හරහා මෙලෙස සෙවුම් කර ඇත. රිහානා කවරෙක්ද? යන සුපුරුදු සෙවීම් අතරේ, රිහානා කුමන ආගමිකයෙක්ද?, ඇය ඉස්ලාම් ආගමිකයෙක්ද? යනුවෙන් නෙටිසන්වරුන් සෙවීම් කර ඇති බව Google Trends හි සඳහන් වේ. තවද නෙටිසන්වරුන් ඇය පකිස්ථානු ජාතිකයෙක්ද? යනුවෙන් ද Google හි සෙවීම් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *