ෆේස්බුක් හරහා වෛරී ප්‍රකාශ නිකුත්කළ පුද්ගලයාගේ බැංකු ගිණුමෙන් රුපියල් මිලියන 62ක් සංසරණය වෙලා – පරීක්ෂණ CIDයට

ෆේස්බුක් හරහා වෛරී ප්‍රකාශ නිකුත්කළ පුද්ගලයාගේ බැංකු ගිණුමෙන් රුපියල් මිලියන 62ක් සංසරණය වෙලා - පරීක්ෂණ CIDයට

ෆේස්බුක් හරහා වෛරී ප්‍රකාශ නිකුත්කළ පුද්ගලයාගේ බැංකු ගිණුමෙන් රුපියල් මිලියන 62ක් සංසරණය වෙලා - පරීක්ෂණ CIDයට

මුහුණු පොත හරහා ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇතිවන ආකාරයෙන් වෛරී ප්‍රකාශ නිකුත් කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති ෆසාල් මොහොමඩ් නිසාර් නැමැති ව්‍යාපාරිකයාව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා ඊයේ (18) බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පුද්ගලික බැංකුවක ඇති එම සැකකරුගේ බැංකු ගිණුම් හරහා සැකකටයුතු ලෙස විශාල මුදලක් සංසරණය වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති නිසා ඔහු දින 90ක කාලයක් පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයා විසින් රැඳවුම් නියෝගයක් නිකුත්කර ඇති බව සඳහන් කළේය.

ඒ අනුව එම සැකකරු තම භාරයට පත්කරන මෙන් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත්කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටි බව අප වාර්තාකරු පැවසීය.

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සැකකරුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමේ දී ඒ හරහා පසුගිය කාලයේ රුපියල් ලක්ෂ 625 කට අධික මුදලක් සැකකටයුතු ලෙස සංසරණය වී තිබෙන බව අනාවරණය වී ඇති බවය.

පැහැදිලි ආදායම් මාර්ගයක් පෙනෙන්නට නොමැති මෙම සැකකරු ගෙවල් කුලී වශයෙන් මාසිකව රුපියල් 80,000/- ක්ද කුලී පදනම වශයෙන් ලබාගත් වාහනය සඳහා මාසිකව රුපියල් 50,000ක මුදලක් ද කුලියට ලබාගත් වෙළෙඳසැලක් සඳහා මාසිකව රුපියල් 125,000ක මුදලක් ද ගෙවන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයා විසින් රැඳවුම් නියෝගයක් නිකුත්කර තිබෙන බවත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

-AD

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *