ඔබේ වාහනය නැති වුනාද? ලාංකිකයන්ට වැදගත් පණිවිඩයක්!

ඔබේ වාහනය නැති වුනාද? ලාංකිකයන්ට වැදගත් පණිවිඩයක්

ඔබේ වාහනය නැති වුනාද? ලාංකිකයන්ට වැදගත් පණිවිඩයක්

ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර වාහන කුලියට ගෙන වෙනත් පාර්ශවයකට විකුණන කණ්ඩායමක් පිළිබඳව පොලිසියට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ය.

මොවුන් ව්‍යාජ හැඳුනුම්පත් සහ විදුලි බිල්පත් ද ලබා දී වාහන කුලියට ගෙන එම වාහන, කොටස් වශයෙන් හෝ මුළුමනින්ම විකුණන බව අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් යක්කල සහ මීරිගම ප්‍රදේශවලට අයත් අය බව පොලිසිය පවසයි.
මේ වන විට වාහන 17 ක් මුල්ලේරියා පොලිසිය විසින් සොයාගෙන තිබේ. කවරකුට හෝ මෙම සිදුවීම සිදුවී ඇත්නම් මුල්ලේරියා පොලිස් ස්ථානයට ගොස් ඔබේ වාහනය, සොයාගත් වාහන 17 අතර තිබේදැයි බැලීමට අවස්ථාව ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *