මහරගම ඇගලූම් වෙළෙන්දෝ විරෝධතාවක, අනවසර වෙළඳ කුටි ඉවත් කිරිමට යාමේදී උණුසුම් තත්වයක්

මහරගම ඇගලූම් වෙළෙන්දෝ විරෝධතාවක, අනවසර වෙළඳ කුටි ඉවත් කිරිමට යාමේදී උණුසුම් තත්වයක්

මහරගම ඇගලූම් වෙළෙන්දෝ විරෝධතාවක, අනවසර වෙළඳ කුටි ඉවත් කිරිමට යාමේදී උණුසුම් තත්වයක්

මහරගම නගර සභාවේ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු මහරගම පැරණි බස් නැවතුම්පොළේ ඇගලූම් වෙළෙදාමේ යෙදී සිටි තමන්ව ඉවත් කර එම ස්ථානයේ වෙළදාම් කිරීමට වෙනත් පිරිසකට ලබා දී තමන් බලහත්කාරයෙන් එම ස්ථානයෙන් ඉවත් කළැයි ඇගලූම් වෙළෙන්දෝ ජනවාරි 13 විරෝධතාවක නියැලූනහ.

මෙම විරෝධතාවට පොදුජන එක්සත් පෙරමුණේ වෙළඳ සංගමය, මහරගම පැරණි පාර නිමි ඇඳුම් කර්මාන්තකරුවන්ගේ සංගමය, අලූත් පාර නිමි ඇඳුම් අලෙවිකරන්නන්ගේ වෙළෙඳ සංගමය, එකමුතු රෙදි වෙළදුන්ගේ සංගමය යන සංගම්වල සාමාජික සාමාජිකාවෝ එකතු වී සිටියහ. රුවන් සේනාරත්න හා නිශාන්ත මඩලවත්ත යන නාගරික මන්ත‍්‍රීවරුන් දෙදෙනා මෙම සිද්ධියට සම්බන්ධ බවත් නගරාධිපතිවරයාගෙන් මේ ගැන විමසූවිට නිශ්ශබ්දව සිටින බවත් උද්ඝෝෂණයට සහභාගීව සිටි සංගම් නියෝජිතවරියක වන අශෝකා රණවක පැවසුවාය.

නගර සභා සේවකයින් හා වෙළඳුන් අතර උණුසුම් තත්වයක් ඇතිවිය. පසුව එම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය මැදිහත් වීමත් සමඟ මහරගම නගර සභාවේ නගරාධිපති ටිරාජ් ලක්රුවන් මහතා හා පොලිසිය අතර ද උණුසුම් තත්ත්වයක් හටගැණිනි.

මෙම අවස්ථාවේ දී මහරගම පැරණි බස් නැවතුම්පල භූමියේ ඉදිකර තිබූ අනවසර වෙළඳසැල් නගර සභාවේ බැකෝ යන්ත්‍ර , ලොරි රථ හා එහි සේවකයින් යොදවා ඉවත් කිරීමට නගරාධිපති ටිරාජ් ලක්රුවන් මහතා පියවර ගැනීමත් සමග ඒ පිළිබඳව පූර්ව දැනුම් දීමක් සිදු නොකළේ යැයි පවසමින් වෙළඳුන් නගර සභා සේවකයින්ට විරෝධතාවය පළ කෙරිණි.

එහෙත් එම විරෝධතාව නොතකා පැරණි බස් නැවතුම්පල භූමියේ තිබූ අනවසර වෙළඳ කුටි (13) මධ්‍යම රාත්‍රීයේ ඉවත් කිරීමට පියවර ගත් අතර එහි පැමිණ සිටි ඇතැම් වෙළෙදුන් සිය වෙළෙඳ කුටි ඉවතට රැගෙන යන අයුරු දක්නට ලැබුණි.

ඉන් පසුව පැරණි බස් නැවතුම්පල භූමියට යාබදව පිහිටි නගර සභාවට අයත් 35 ඉඩමේ ඉදිකර ඇති අනවසර වෙළඳසැල් ද කඩා ඉවත් කිරීමට නගර සභා සේවකයින් සැරසෙනවාත් සමඟම එහි වෙළදාමේ නිරත සියයකට අධික වෙලෙදුන් තම වෙළඳ සැල් ආරක්ෂා කරමින් එහි රැඳී සිටිනු දක්නට ලැබුණි.

පසුව මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා නුගේගොඩ කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථාන හයකින් නිලධාරීන් සියයකට අධික පිරිසක් ද ,කැරලි මර්දන නිලධාරීන් හා ජල ප්‍රහාරක බවුසර්ද කැඳවීම ට සිදු වූ බව එහි සිටි ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවැසීය.

මෙම අවස්ථාවේදී උද්ගතවෙමින් තිබූ තත්ත්වය පාලනය කිරීම සඳහා නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් නගරාධිපති වරයා සමග අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළ ද එය ව්‍යාර්ථ වු අතර වෙළඳුන් ද එහි රැඳී සිටිනු දක්නට ලැබුණි .

මේ තත්ත්වය මත දෙපාර්ශ්වය අතර ආරවුලක් ඇති විය හැකි බැවින්, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා දෙපාර්ශවයම අමතා පවසා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවත් ඉන් ලැබෙන නියෝගය අනුව ඉදිරියේදී දෙපාර්ශයම කටයුතු කරනා ලෙසයි.

ඊට නගරාධිපතිවරයා හා වෙළඳුන් කැමැත්ත පළ කිරීමත් සමග දෙපාර්ශවය එම ස්ථානයෙන් පිටව ගිය අතර පසුව එම ස්ථානයට පොලිස් ආරක්ෂාව සැපයීමට පියවර ගෙන තිබුණි .

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *