කොරෝනාව පාවිච්චි කරලා ලංකාවේ හමුදාව සිවිල් පරිපාලනය ඩැහැගෙන – ජාතන්තර සත්‍ය හා යුක්තිය පිළීබඳ ව්‍යාපෘතිය

ජාතන්තර සත්‍ය හා යුක්තිය පිළීබඳ ව්‍යාපෘතිය - ජස්මින් ශූකෝ

ජාතන්තර සත්‍ය හා යුක්තිය පිළීබඳ ව්‍යාපෘතිය - ජස්මින් ශූකෝ

යුද අපරාධ වලට මුහුණ දෙන හමුදා නිලධාරීන්ට සුදු හුණු ගාන්න ලංකාව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාවිච්චි කරන බව ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය හෙළි කර සිටියි.

එම සංවිධානයේ අධ්‍යක්ෂ ජස්මින් ශූකෝ මේ පිළිබඳ අදහස් දක්වමින්,

යුද අපරාධ පිළිබඳව එක්සත් ජාතීන් විසින් නම් කර ඇති මානව අයිතිවාසිකම් දැඩිව උල්ලංඝනය කිරීම නිසා ඇමරිකානු රජය විසින් තහනම් කරන ලද ජනරාල් කෙනෙකු කොරෝනා වැලැක්වීමේ රටේ ජාතික කර්තව්‍යට භාරව සිටියි යන්න පමණක් නොව පසුගිය සතිය දක්වා 2009 දී ලංකාවේ අවසන් යුද අත්දැකීම් ඇති නිලධාරීන් 25 දෙනෙකු රටේ මහජනතාවගේ සෞඛ්‍යය භාරව පත්කර ඇත්තෝය.

ඉස්සර උවමනාවෙන්ම වෙඩි සහ ෂෙල් ප්‍රහාරයන් සිදුකළ රෝහල් වලට පහර එල්ල කළ , මහජනතාව හාමතේ දැමූ ජීවිත බේරා ගන්නා බෙහෙත් ලබා දීම ප්‍රතික්ෂේප කළ ඒ හමුදා නිලධාරීන්ම දැන් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරාවි යැයි බලාපොරොත්තු වේ.

ඔවුන්ගේ පත්වීම කොරෝනා හදිසි තත්වය භාවිත කරමින් සිදු කරන සුදු හුණු ගෑමකි. ඒ අතරම මෙයට කොහොමද පිළිතුරු සපයන්නේ යන්න පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවට මෙය බරපතල ප්‍රශ්තයක් මතු කරයි. රාජතාන්ත්‍රිකයන් සහ ආධාර සපයන රටවල් මෙම සිවිල් පරිපාලනය බල රහිත කරවන ක්‍රියාවට සහාය නොදැක්විය යුතුයි. කොරෝනා තත්වය හසුරුවන්න පත් කර ඇති හමුදා නිලධාරීන් 25 දෙනාගෙන් 16 දෙනෙක්වත් 2008-2009 කාලයේ අවසන් යුද්ධයේදී සම්බන්ධද වූවන් ය.

2009 යුද සමයේදී මහජන ඉලක්කයන්, ඉලක්ක කරගෙන පහරදීම, සමූල ඝාතනයන් සිදු කිරීම, අතුරුදන් කිරීම්, ලිංගික අපචාරයන් සහ වධහිංසා පමුණුවීම් වැනි දේවලට සම්බන්ධ ඒ වගේම අවශ්‍ය කෑම, බෙහෙත් යනාදිය යුද ප්‍රදේශවල සිටින දෙමළ ජනතාවට ලබා දීම ඕනෑකමින් නවතා දැමූ බවට හමුදාවට විරුද්ධව ඉතා දැඩි සාක්ෂි පවතී.

ඉතා ඕනෑකමින් මිලිටරිකරණය කළ රජය තම බලය පවත්වා ගැනීමටත්, මිය ගිය අය භූමදානය කිරීමට ඇති තම අයිතිය නීති වීරෝධී ලෙස ප්‍රතික්ෂේප වූ මුස්ලිම් වැනි සුළු ජාතීන්ගේ අයිතිය කඩකිරීමටත් හැකි ආවරණයක් ලෙසත් කොරෝනා වෛරසය පත්වී තියෙන බව ජස්මින් ශූකෝ පවසා සිටියේය.

සෞඛ්‍යමය රැකවරණය පිළිබඳ නිපුනත්වයක් නැති වුවද එය ලබා දෙන මුවාවෙන් ශ්‍රී ලංකා හමුදාව සිවිල් පරිපාලනය සෙමෙන් නතු කර ගෙන සිටී. මෙය දිගු කාලීනව බලපෑම්වලට හේතු විය හැකි බව ඔහු තවදුරටත් පවසා සිටියේ ය.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *