පාස්කු ප්‍රහාරය සඳහා ආධාර දුන් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට ඇමරිකානු අධිකරණයක නඩු

පාස්කු ප්‍රහාරය සඳහා ආධාර දුන් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට ඇමරිකානු අධිකරණයක නඩු

පාස්කු ප්‍රහාරය සඳහා ආධාර දුන් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට ඇමරිකානු අධිකරණයක නඩු

පුද්ගලයින් 268 දෙනෙකුට මරු කැඳවූ පාස්කු ප්‍රහාර මාලාව සිදුකිරීමට විදේශීය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇති ISIS සංවිධානය සඳහා ද්‍රව්‍යමය ආධාර සැපයීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු ත්‍රස්තවාදී වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුරවැසියන්ට තිදෙනෙකුට ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණය චෝදනා ගොනු කර ඇතැයි ඇමරිකානු නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

ISIS හිතවාදී කණ්ඩායමක් වන ‘ISIS in Sri Lanka’හි හවුල්කරුවන් වන මෙම පුද්ගලයින් තිදෙනා පසුගිය 2019 වසරේ ඇමරිකානු පුරවැසියන් 5 දෙනෙකු ද ඇතුළුව තවත් පුද්ගලයින් 268 දෙනෙකු ඝාතනයට වූ, 500කට අධික පිරිසක් තුවාල ලැබූ පාස්කු ප්‍රහාරයට වගකිව යුතු යැයි ෆෙඩරල් අපරාධ පැමිණිල්ලකට අනුව ඊයේ (8) අනාවරණය වී තිබේ.

2019 අප්‍රේල් 21 වන දින මෙරට කොළඹ, මීගමුව සහ මඩකලපුව යන නගරවල එකවර සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට තුඩු දුන් කුමන්ත්‍රණයේ විත්තිකරුවන්ගේ භූමිකාව සහ සිද්ධීන් මෙම පැමිණිල්ලේ දක්වා ඇත.

ඇමරිකානු නීතිපති දෙපාර්තමේන්තුව පවසන්නේ, ඉන් ඝාතනයට ලක් වූ එක් ඇමරිකානු පුරවැසියෙකු නිල ව්‍යාපාර කටයුත්තක් සඳහා මෙරටට පැමිණි එරට වාණිජ දෙපාර්තමේන්තුවේ සේවකයෙකු බවය.

එරට ජාතික ආරක්ෂාව පිළිබඳ සහකාර නීතිපති ජෝන් සී. ඩෙමර්ස් පැවසුවේ, අදාළ චෝදනාවලට අනුව, ISIS සංවිධානයේ ත්‍රස්ත කටයුතු සඳහා වෙනත් අය බඳවා ගැනීම, පුපුරණ ද්‍රව්‍ය සෑදීම සඳහා ද්‍රව්‍ය මිල දී ගැනීම සහ ඒවා සෑදීම, ප්‍රහාර සඳහා සහභාගී වූ අනෙක් අය සූදානම් කිරීමට හා පුහුණු කිරීමට උදව් කිරීම සහ මෙම ත්‍රස්ත සංවිධානයයේ නමින් පුද්ගලයන් ඝාතනය කිරීම මෙම විත්තිකරුවන් ISIS සංවිධානයේ කැපවුණු ආධාරකරුවන් බවට පැහැදිලි වන බවය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙම විත්තිකරුවන් මෙරට අත්අඩංගුවේ පසුවෙන බවත් මෙම ත්‍රස්තවාදීන්ට එරෙහිව මෙරට සිදු කෙරෙන විමර්ශනයට සහ නඩු පැවරීමට ඔවුන්හේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ය.

එමෙන් ම, මෙම විත්තිකරුවන් ඔවුන්ගේ අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවට වන හවුල් ඉලක්කය සපුරා ගැනීම සඳහා මෙරට බලධාරීන් සමග දිගට ම කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේ ය.

මෙම ප්‍රහාරය පිළිබඳව වසර දෙකකට ආසන්න කාලයක් මෙරට බලධාරීන් සමග FBI සිදු කළ ප්‍රතිඵලයක් අනුව අදාළ නඩුව පසුගිය දෙසැම්බර් 11 වන දා ලොස් ඇන්ජලීස් හි දිසා අධිකරණයේ ගොනු කර ඇත.

මෙලෙස චෝදනා ලැබ ඇති පුද්ගලයන් වන්නේ,

1. මොහොමඩ් නෞෆර් – ‘ශ්‍රී ලංකාවේ ISIS’ ලෙස හැඳින්වූ ISIS ආධාරකරුවන්ගේ කණ්ඩායමේ ‘දෙවන එමීර්වරයා’ බවත් කණ්ඩායමේ ප්‍රචාරක ප්‍රයත්නයන් මෙහෙයවූ බවත්, ISIS සංවිධානය හා සම්බන්ධ වීමට අනෙක් අය බඳවා ගත් බවත්, බහු දින මිලිටරි ආකාරයේ පුහුණු මාලාවක් මෙහෙයවූ බවත් කියැවේ.

2. මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් – පාස්කු ප්‍රහාරය සඳහා භාවිතා කරන ලද පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනයට උදව් කළ අයෙකු වේ.

3. අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් – ගිනි අවියක් ලබා ගැනීම සඳහා පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීම, සැක සහිත තොරතුරු දැනුම් දෙන්නෙකුට වෙඩි තබා වෙන ම ත්‍රස්ත ප්‍රහාරයක් සඳහා ස්ථානයක් සොයා බැලූ අයෙකු වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *