හරීන්ට අනතුරක් සිදු වුවහොත් එය රාජපක්ෂ ආණ්ඩුවේ අඳුරු අවසානයක් කරා ගෙන යනු ඇත! – චම්පික රණවක

හරීන් - චම්පික රණවක

හරීන් - චම්පික රණවක

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුට හෝ ඔහුගේ දරුවන්ට හෝ අනතුරක් සිදු වුවහොත් එය රාජපක්ෂ ආණ්ඩුවේ අඳුරු අවසානයක් කරා ගෙන යනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා අනතුරු අඟවා තිබේ.

ඔහුගේ මුහුණු පොතේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු මහතා කළ කතාවට ප්‍රතිචාර දක්වමින් බුද්ධියක් සහිත දේශපාලකයෙකු විසින් නොකළ යුතු ආකාරයේ ළඳරු විවේචනයක් ජනාධිපතිවරයා විසින් සිදු කර තිබේ.

ත්‍රස්තවාදියෙකු ඝාතනය කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලකයෙකු සිදු කළ විවේචනය සංසන්දනය කරමින් ශිෂ්ඨ සමාජයට නොගැලපෙන ආකාරයේ තර්ජනාත්මක කතාවක් රටේ ජනාධිපතිවරයා විසින් සිදු කිරීම ශීලාචාර නොවන බවද ඔහු පෙන්වා දී ඇත.

ජනාධිපතිවරයාගේ පාලනයට අභියෝගයක් වනු ඇතැයි විශ්වාස කළ දේශපාලන නායකයින් මර්ධනය කිරීමේ ක්‍රියාමාර්ග රජය විසින් දියත් කරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

ඒකාධිපති වියරුවට එරෙහිව සියළු දේශපාලන බලවේග එක් විය යුතු බවද ඔහු පෙන්වා දී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *