ප්‍රතිවාදියාගේ මතය ඉවසීමට විනයක් තිබිය යුතුයි, විවේචන නොඉවසන බොහෝ පුද්ගලයන් පාසල් කාලයේදී ක්‍රීඩාවල නිරත නොවූ පුද්ගලයන් – ඩලස්

ආණ්ඩුවේ ඇමතිවරයෙකු වන මමද පසුවන්නේ දැඩි කළකිරීමෙන් - ඩලස් අලහප්පෙරුම

ආණ්ඩුවේ ඇමතිවරයෙකු වන මමද පසුවන්නේ දැඩි කළකිරීමෙන් - ඩලස් අලහප්පෙරුම

වත්මන් පාර්ලිමේන්තුව කිසිදු විනයක් නැති, සදාචාරයක් නැති, විවේචන නොඉවසන තැනක් බවට පත්ව ඇති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය ප්‍රතිවාදීන්ට අපහාස කිරීම සඳහා බැනීම සඳහා විවිධ සතුන්ගේ වචන පවා භාවිතා කරන බවත්, භාවිතා නොකරන එකම වචනය සිංහයා පමණක් බවත් ඇමතිවරයා පවසනවා.

මෙවැනි විවේචන නොඉවසන බොහෝ පුද්ගලයන් පාසල් කාලයේදී ක්‍රීඩාවල නිරත නොවූ, කණ්ඩායම් ක්‍රියාවල නිරත නොවූ පුද්ගලයන් බවයි ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ. එවැනි ක්‍රීඩාශීලී පාසල් සමයක් ගතකළේ නම් විවේචන නොඉවසන තත්වයට පත් නොවන බවද ඔහු පවසනවා.

මේ නිසා පාසල්වල වසරකට පැවැත්වෙන වාර විභාග ප්‍රමාණය දෙකක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවත්, පළමු වාරය අවසානයේ පැවැත්වෙන විභාගය හේතුවෙන් බොහෝ දරුවන් ක්‍රීඩාවලින් ඈත් වී සිටින බවත් ඇමතිවරයා පවසනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *