රිෂාඩ්ගේ මැදිහත්වීමෙන් එළි පෙහෙළි කරන ලද කල්ලාරු ප්‍රදේශයේ හමුදාව පැල හිටවයි

රිෂාඩ්ගේ මැදිහත්වීමෙන් හෙළි කරන ලද කල්ලාරු ප්‍රදේශයේ හමුදාව යොදවා පැල හිටවයි

රිෂාඩ්ගේ මැදිහත්වීමෙන් හෙළි කරන ලද කල්ලාරු ප්‍රදේශයේ හමුදාව යොදවා පැල හිටවයි

පසුගිය කාලයේ විනාශ කරන ලද විල්පත්තු සහ කල්ලාරු රක්ෂිත වනාන්තර ප්‍රදේශවල පැල සිටුවීමේ කටයුතුවලට යුධ හමුදාව යොදවා තිබේ. වන්නි බල සේනා මූලස්ථානයේ අධීක්ෂණය යටතේ 54 වන සේනාංකයේ හමුදා සෙබළු මේ කාර්යයේ යෙදී සිටිති. රිෂාඩ් බදුර්දීන්ගේ මැදිහත්වීමෙන් හෙළි කරන ලද කල්ලාරු ප්‍රදේශයේ අක්කර 251ක් යළි සිටුවීම යුද හමුදාවේ ඉලක්කය වන අතර එයින් අක්කර 12ක් මේ වනවිට සම්පූර්ණ කර තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පවරන ලද නඩු තීන්දුවෙන් ප්‍රකාශ කෙරුණේ විල්පත්තු වනාන්තර යළි වගා කිරීම සඳහා වැය වන මුදල් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගෙන් අය කරගන්නා ලෙසය. විල්පත්තු වනාන්තරය විනාශ කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් වර්තමාන ආණ්ඩුව විසින් ගන්නා ලද කිසිදු ක්‍රියාවක් ක්‍රියාමාර්ගයක් නොමැත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *