හිජාස් හිස්බුල්ලාගේ රැඳවුම් නියෝගය තවත් මාස තුනක් දීර්ග කෙරේ

දින 500කට පසුවත් යුක්තිය අහිමි නීතීඥ හිජාස් : නීතීඥවරයෙකුගේ ඉරණම මෙය නම්, සාමාන්‍ය ජනතාව ගැන කුමන කතාද?

දින 500කට පසුවත් යුක්තිය අහිමි නීතීඥ හිජාස් : නීතීඥවරයෙකුගේ ඉරණම මෙය නම්, සාමාන්‍ය ජනතාව ගැන කුමන කතාද?

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට රැදවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටින නිතිඥ හිජාස් හිස්බුල්ලා මහතා තවත් මාස තුනක් රදවා ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (11) කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ දැනුම් දුන්නේය.

ඔහු රදවා ප්‍රශ්න කිරීමට අදාළ ලේඛන සදහා ආරක්ෂක ඇමැතිවරයා අත්සන් කර ඇති බව කියා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිජාස් හිස්බුල්ලා මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවද කියා සිටියේය.

නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ PCR පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට රදවා ප්‍රශ්න කරමින් සිටින කොස්ගොඩ තාරක ඇතුළු සැකකරුවන් පිරිසකටද කොවිඩ් ආසාදනය වී ඇති බව අධිකරණයට දැන්වීය.

මේ වනවිට හිජාස් හිස්බුල්ලා මහතා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

2019 වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරයට අදාළව නිතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඉකුත් වසරේ අප්‍රේල් මාසයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් පසුවෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *