කොරෝනා බෝ වෙන්න පුළුවන්, වගකීම් විරහිතව කටයුතු කළොත් මට වගකියන්න බෑ – අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්

කොරෝනා බෝ වෙන්න පුළුවන්, වගකීම් විරහිතව කටයුතු කළොත් මට වගකියන්න බෑ - අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්

කොරෝනා බෝ වෙන්න පුළුවන්, වගකීම් විරහිතව කටයුතු කළොත් මට වගකියන්න බෑ - අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුව පාසල්වල අධ්‍යයන කටයුතු සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

“අද දෙරණ BIG FOCUS“ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මේ බව පැවසීය.

“බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සහ අද, ඊයේ වන විට යම්කිසි ප්‍රදේශයක පාසලක් විවෘත කිරීමට බැරි තත්ත්වයක් කොවිඩ්-19 නිසා හුදකලා කරලා තියෙනවානම් ඒ ප්‍රදේශ හැර අනෙකුත් සියලුම පාසල් 2, 3, 4, 5, 6, 13 දක්වා විවෘත කරන්න තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ සූදානම.“

ප්‍රශ්නය – සියලුම කටයුතු කිව්වහම. දැන් ගියපාර කිව්වා පාසලට මෙච්චරක් දුන්නා මේ ටික යැවුවා. දැන් සල්ලි ඇවිල්ලා තියෙන්නේ කියලා හැබැයි සමහර අය කිව්වා නැහැ සල්ලි ඇවිත් නැහැ ඔය කිව්වට. දැන් ඔබතුමා යවපු හැම පාසලකටම ඔය සල්ලි ගිහිල්ල ද?

“අවම ප්‍රමාණය ළමයි 70ට අඩු නම් රුපියල් 8000ක්, ළමයි 10,000 වැඩී නම් රුපියල් 22,000ක්, ළමයි 70-200 රුපියල් 14,000ක්, ළමයි 200-500 දක්වානම් රුපියල් 18,000යි.“

ප්‍රශ්නය – ඒ මොනවාට ද?

“ගියවර අපි පාසල් පටන්ගත්තේ නොවැම්බර් 23 වන දා 6 සිට 13 දක්වා දැන් හෙට ආරම්භ වෙන කොට 2, 3, 4, ආරහම්භ වෙනවා. එවිට ඒ 2, 3, 4, තිබිච්ච පන්ති තියෙනවා ළමයි සංඛ්‍යාව වැඩි ගිලන් කාමරයේ අඩුපාඩු තියෙනවා නම්, අත්සෝදන දියර සබන් කැට, වැනි සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා විෂබීහරණය කිරීම සඳහා අවශ්‍ය දේවල් තියෙනවා නම් ඒ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවශ්‍ය වෙන නැවත ක්ෂය වන දේ, ක්ෂය වී අවසන් ඒවා නැවතත් ලබා ගැනීම සඳහා.“

ප්‍රශ්නය – බස්නාහිර පළාතේ පදිංචි ගුරුවරුන් වෙනත් පාසල්වල වැඩකරන අය පාසල් යා යුතුද ?

“අපි පළමුවෙන් කල්පනා කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ දෙනවානම් අපිට යවන්නට පුළුවන් කියන එක. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුම කිව්වා එහෙම යවන්න එපා කියලා. නමුත් දෛනික නමුත් තවමත් හුදකලා කරලා තියෙනවා නම් විශේෂයෙන් අපි ගත්තොත් බස්නාහිර පළාතේ ඉදන් සබරගමුව පළාතට, බස්නාහිර පළාතේ ඉදන් වයඹ පළාතට ඒවානේ මායිමව තියෙන්නේ එතකොට මම පෞද්ගලිකව හිතුවේ දෛනික යනවානම් ප්‍රශ්නයක් තියෙනවා එසේ නම් සෞඛ්‍ය ලේකම්තුමා කිව්වා දෛනිකව යනවා එනවානම් බස්නාහිර පළාතෙන් යන්න බැහැ.“

ප්‍රශ්නය – ගියපාර කිව්වා ළමයිට කොරෝනා බෝ වුණොත් වගකීම ගන්නවා කියලා. දැන් කියනවා බෝ වෙන්නත් පුළුවන් කියලා. මොකක්ද මේ කථ දෙකක් ?

“වගකීම් විරහිතව කටයුතු කළොත් මට වගකීම ගන්නට බැහැ. “

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *