මඩකලපුව, මයිලතමඩු සහ මාදවන ප්‍රදේශයන් හි ගොවීන් හය දෙනෙකු පැහැර ගෙන විහාරයක රඳවාගෙන පහර දීම හෙළා දකිමින්, පැහැර ගත් ගොවීන් නිදහස් කරන ලෙස ඉල්ලා කරදියනාරු පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණි.
පසුගිය දිනෙක තම ගව රංචුව උලා කෑමට රැගෙන ගිය අයෙක්ව එහි අනවසරයෙන් ගොවිතැන් කරන පිරිසක් අල්ලා ගැට ගසා පහර දී ඇත. ඔහුව මුදවා ගැනීමට ගිය තවත් පිරිසක්ද එලෙස රඳවාගෙන පහර දී ඇත. පොලිසියෙන් කල දුරකථන විමසුමකින් ඔවුන් පන්සලක රඳවාගෙන සිටින බව දැන ගැනීමට හැකිවී ඇත.
මයිලතමඩු හී දීර්ඝ කලක් තිස්සේ පැවත එන නොයෙකුත් ගැටලු සම්බන්ධව කරඩියනාරු පොලිසිය විමර්ශනය කරමින් සිටී. පැමිණීලි බොහෝමයක් තිබුණද ඒවාට කිසිදු පිළිතුරක් මෙතෙක් ලැබී නොමැත.
-තමිළ්වින්