යුක්රේන සංචාරකයන් ගෙන්වීම නතර කරන්න තීරණය කර නෑ

යුක්රේන සංචාරකයන් ගෙන්වීම නතර කරන්න තීරණය කර නෑ

යුක්රේන සංචාරකයන් ගෙන්වීම නතර කරන්න තීරණය කර නෑ

යුක්රේන සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ(10) පැවසීය.

යුක්රේනයෙන් හෝ වෙනත් ඕනෑම රටකින් සංචාරකයන් දිවයිනට ගෙන්වීම නතර කිරීමට තීරණය ගත යුත්තේ කොවිඩ් කමිටුව හා සෞඛ්‍ය බලධාරීන් යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

දැනට මෙරට සංචාරකයන් පැමිණීම තාවකාලිකව තහනම් කරලා තිබෙන්නේ එංගලන්තයෙන් පමණක් වන බවත් , මේ නිසා මේ නියාමන ව්‍යාපෘතිය පැවැත්වෙන කාලය තුළ එංගලන්තය හැර ඕනෑම රටකින් සංචාරකයන් ගෙන්වන්න පුළුවන් යැයි ද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

යුක්රේන සංචාරකයින් සම්බන්ධයෙන් වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“යුක්රේනයේ හෝ ලෝකයේ ඕනෑම රටකින් මෙරටට සංචාරකයන් ගෙන්වීම නතර කරන්න නම් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ කොවිඩ් කමිටුව හා සෞඛ්‍ය බළධාරීන්. දැනට ලංකාවට සංචාරකයන් පැමිණීම තාවකාලිකව තහනම් කරලා තිබෙන්නේ එංගලන්තයෙන් විතරයි. මේ නිසා මේ නියාමන ව්‍යාපෘතිය පැවැත්වෙන කාලය තුළ එංගලන්තය හැර ඕනෑම රටකින් සංචාරකයන් ගෙන්වන්න පුළුවන්. 21 වෙනිදායින් පස්සේ අපි වාණිජ ගුවන් ගමන් සදහා ගුවන් තොටුපළ විවෘත කරනවා. අපි අලුත් ගයිඩ් ලයින් හදලා තියෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාත්‍යන්තර ගුවන් ගමන් සංවිධානය විසින් සංචාරකයන් සදහා නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මත පදනම්වයි. අපේ රටේ සෞඛ්‍ය බළධාරීන් මේ සියල්ල ඉතාම දැඩි ලෙස අධ්‍යයනය කරලයි සංචාරකයන් සදහා වන ගයිඩ් ලයින් හැදුවේ. ඒ ගයිඩ් ලයින් අනුව ඕනෑම කෙනෙකුට සංචාරකයන් ගෙන්වන්න පුළුවන්.

මේ රටට එන හැම සංචාරකයෙකු ම රටේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුයි. එය අපි ඉතා පැහැදිලිව අදාළ සංචාරක සංවිධානය කරන්නන් වෙත දැනුම් දී තිබෙනවා. සංචාරකයන් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙල අපි දැඩි අධික්ෂණයකට ලක් කරනවා.

මාධ්‍ය වාර්තා වලට අනුව යුක්රේනයේ වහලා තියෙන්නේ පාසල්, රෙස්ටොරන්ට්, ලොකු සෙනගක් සම්බන්ධ වන රැස්වීම් වගේ දේවල්.”

-Lankadeepa

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *