නීතිපති දෙපාර්තමේන්තුව පිල්ලෙයාන්ගේ පරරාජසිංහම් ඝාතන නඩුව ඉල්ලා අස්කර ගනී

නීතිපති දෙපාර්තමේන්තුව පිල්ලෙයාන්ගේ පරරාජසිංහම් ඝාතන නඩුව ඉල්ලා අස්කර ගනී

නීතිපති දෙපාර්තමේන්තුව පිල්ලෙයාන්ගේ පරරාජසිංහම් ඝාතන නඩුව ඉල්ලා අස්කර ගනී

දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංහම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේශතුරෙයි චන්ද්‍රසේකරන් නොහොත් පිල්ලෙයාන්ට එරෙහිව මඩකලපුව මහාධිකරණයේ විභාග වන නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ අධිනීතිඥ මාධව තෙන්නකෝන් (11) අධිකරණයට දන්වා ඇත.

ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පිළිබඳව සළකා බලා ලබන බදාදා තම තීරණය ලබාදෙන බව මහාධිකරණ විනිසුරුවරයා දන්වා ඇත.

වසර 2005 නත්තල් දින මඩකලපුව ශාන්ත මේරි දේවස්ථානයෙ දේවමෙහෙයට එක්වී සිටියදී වෙඩික්කරුවෙක් විසින් පරරාජසිංහම් ඝාතනය කෙරිණි.
එම ඝාතනය සම්බන්ධයෙන් පිල්ලෙයාන් සහ තවත් පස් දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.

මහ මැතිවරණයට වෙනම තරග කළද ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට සහය පළ කළ පිල්ලෙයාන්, පසුගියදා අගමැතිවරයා විසින් මඩකලපුව සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙසද නම් කරනු ලැබ තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *