ත්‍රිකුණාමලය රත්රන් නිධියේ කැණීම්වලට කැබිනට් අනුුමැතිය පතයි, නිධිය ගැන විද්වතුන් සැක පළ කරයි

රත්රන් නිධියේ කැණීම්වලට කැබිනට් අනුුමැතිය පතයි, නිධිය ගැන විද්වතුන් සැක පළ කරයි

රත්රන් නිධියේ කැණීම්වලට කැබිනට් අනුුමැතිය පතයි, නිධිය ගැන විද්වතුන් සැක පළ කරයි

ත්‍රිකුණාමලය සේරුවාවිල පිහිටි වර්ග කිලෝමීටර් 54ක පමණ වපසරියකින් යුත් බවට මේ වන විට හඳුනාගෙන ඇති රන් ආකරය සම්බන්ධයෙන් කඩිනමින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. (11) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දැනුම්වත් කරන බවද ඇමැතිවරයා කියා සිටියේය. වසර 1971 දී භූ විද්‍යා හා පතල් කාර්‍යාංශය විසින් විදේශ රටවල සහාය ඇතිව සිදු කරන ලද සමීක්ෂණයකට අනුව එම වාර්තා පදනම් කරගනිමින් මීට මාස කිහිපයකට ඉහතදී භූ විද්‍යාඥයන් විසින් එහි ඇති ද්‍රව්‍ය ගෙනවිත් යක්කල පිරිටි පර්යේෂණාගාරයේදී සිදු කළ පරීක්ෂණයකින් එහි රන් පවතින බවට අනාවරණය වී ඇත.

එමෙන්ම ස්ථාන තුනක පිහිටා ඇති මේ නිධිවලින් රන්වලට අමතරව තඹ සහ යකඩ ද ඇති බවට තහවරු වී ඇත.

එකම ස්ථානයක රන් තඹ සහ යකඩ පිහිටා ඇති බව හඳුනාගත් එකම අවස්ථාව මෙය වන අතර 1971දී සිදු කළ පරීක්ෂණවලට අනුව මේ ද්‍රව්‍යයන් ඇති බවට අනුමාන කර තිබේ.

නව තාක්ෂණය යොදා ගනිමින් සිදු කළ පර්යේෂණයන් සහ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බව කියා සිටි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළු අංශ ගණනාවක් ඒකාබද්ධව මේ කැනීම් සිදු කරනු ලබන බවත් එහි ලැබෙන ප්‍රතිඵල මෙරට ජනතාවට ලබා දීම කඩිනමින් සිදු කරන බවත් කියා සිටියේය.

විද්වතුන් සැකය

එම නිධිය පිළිබඳව වසර ගණනාවක් පර්යේෂණ සිදු කළ භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ (GSMB) හිටපු සභාපතිවරයෙක් හා අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ ආචාර්ය කිත්සිරි දිසානායක මේ සම්බන්ධව සිය අදහස මෙසේ ප්‍රකාශ කර සිටියි.

“මමත් අවුරුදු 06කට වඩා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ පුධාන නිලයක් දරමින් සේවය කළත්, දැනට රත්‍රං විශාල වශයෙන් තිබෙනවයි ප්‍රකාශ කරන සේරුවාවිල ප්‍රදේශයේ අර්ප්පු, කොල්ලාකුලම් වගේම BLOCK C කියන ප්‍රදේශවලට කිහිප සැරයක් ගිහින් නියැදි රැගෙන විත් මොරටුව විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කළත් වාණිජ වශයෙන් ලාභදායි කර්මාන්තයක් කරගෙනයාටම තරම් ප්‍රමාණවත් රත්‍රං ඇති බවටනම් මටනම් වාර්තා වුනේනම් නැහැ. කවුරු වුනත් වාණිජ මට්ටමින් කළහැකි මට්ටමට රත්‍රං ඇති බව සොයාගෙන ඇත්නම් මමත් දැනගන්න කැමතියි ඒ ගැන. මොකද ලෝහ නිස්සාරණය පිළිබඳ ආචාර්ය උපාධියක් වගේම ඒ පිළිබඳ මමත් පර්යේෂණ කරන පිළිගත් විහ්වවිද්‍යාලයක සැනට සේවය කරන පුරවැසියෙකු නිසා.”

ආචාර්ය කිත්සිරි දිසානායක භුවිද්‍යා හා පතල් කැනීම් කැණීම් කාර්යාංශයට අමතරව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති / ප්‍රධාන විධායක ලෙසත්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ලෙසත්, තිරසර බලශක්ති අධිකාරියේ සභාපති ලෙසත් සේවය කළ මේ ක්ෂේත්‍රයේ ප්‍රාමාණික විද්වතෙකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *