(Detail) පත්තු වෙන්න ගිය ගින්න නිවෙයි: මුල්ලිවයික්කාල් ස්මාරකයට උපකුලපතිම යළි මුල් ගල තියයි, අලුයම 3.00ට තීරණ

පත්තු වෙන්න ගිය ගින්න නිවෙයි: මුල්ලිවයික්කාල් ස්මාරකයට උපකුලපතිම යළි මුල් ගල තියයි

(Detail) පත්තු වෙන්න ගිය ගින්න නිවෙයි: මුල්ලිවයික්කාල් ස්මාරකයට උපකුලපතිම යළි මුල් ගල තියයි

අනවසර ඉදිකිරීමක් ලෙස හදුන්වමින් ඉකුත් ද කඩාදැමුණු යාපනය විශ්වවිද්‍යාලයේ මුල්ලිවයික්කාල් ස්මාරකය යළි ඉදිකිරිම සඳහා මුල්ගල තැබීමට එම විශ්වවිද්‍යාලයේ උපකුලපති C. සත්ගුණරාසා මහතා කටයුතු කොට ඇත.

ඒ අනුව අද (11) පෙරවරුවේ ඊට යළි මුල්ගල තබා ඇති ඇති අතර, ඒ සමගම සිසුන් විසින් ආරම්භ කොට තිබූ මාරාන්තික උපවාසයද අත්හිටුවීමට පියවර ගෙන ඇත. අද අලුයම 3.00ට පමණ උපවාසයේ නිරතව සිටි පිරිසට උපකුලපතිවරයා කැඳ ලබාදී එම උපවාසය අවසන් කිරීමට පියවර ගෙන තිබේ.
(Detail) පත්තු වෙන්න ගිය ගින්න නිවෙයි: මුල්ලිවයික්කාල් ස්මාරකයට උපකුලපතිම යළි මුල් ගල තියයි

මෙම ස්මාරකය කඩා බිද දැමීමට එරෙහිව අද දිනයේ යාපනයේ හර්තාල් සහ තමිල්නාඩුවේ විරෝධයක්ද පැවැත්වීමට සංවිධාන කොට තිබුණි.

එම ස්මාරකය දැමුවේ අනවසරයෙන් විශ්වවිද්‍යාලය භූමියේ කළ ඉදිකිරීමක් හේතුවෙන් බව මීට පෙර රජයේ නියෝජිතයින් අදහස් දක්වා සිටියේය.

මුල්ලිවයික්කාල් සැමරුම ඩෝසර් කිරීමෙන් තමිල්නාඩුවත් ඇවිස්සෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ස්මාරකය ඉවත්කිරීමට විරෝධය පළ කරමින් ඉන්දියානු තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළුව දේශපාලඥයින් පිරිසක් ශ්‍රී ලංකා රජයට චෝදනා එල්ල කර තිබේ.

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය කේ. පලනිස්වාමි, නියෝජ්‍ය ප්‍රධානී ඕ. පන්නීර්සෙල්වම් සහ ඩී.එම්.කේ පක්ෂයේ සභාපති එම්.කේ. ස්ටාලින් ඇතුළු පිරිසක් මෙලෙස චෝදනාඑල්ල කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අදාළ ස්මාරකය ඉවත් කිරීම ලොව පුරා ද්‍රවිඩ ජනතාව ශෝකයට පත් කරන කරුණක් බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා රජයට චෝදනා එල්ල කරන තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය පලනිස්වාමි පෙන්වා දෙන්නේ අදාළ සිදුවීම තරයේ හෙළා දකින බවය.

මෙම සිද්ධිය ඉන්දීය රජය ද හෙළා දැකිය යුතු බව ඩී.එම්. කේපක්ෂයේ සභාපති එම්.කේ.ස්ටාලින් ප්‍රකාශ කර තිබේ.

UGC සභාපතිගෙන් පැහැදිලි කිරීමක්

යාපනය විශ්වවිද්‍යාලයේ ස්මාරකය ඉවත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ, වර්තමානයේ දී අවශ්‍ය වන්නේ යුද්ධයේ ස්මාරක නොව සාමයේ ස්මාරක බවයි.

මේ පිළිබඳව පැහැදිලි කරමින් මහාචාර්යවරයා, ‘යාපනය විශ්වවිද්‍යාලයේ 2018 ආසන්න වසරකදී යුද්ධය පාදක කර ගෙන එම විශ්වවිද්‍යාලයේ කණ්ඩායම් විසින් යම්කිසි ස්මාරකයක් ඒ තුළ ගොඩනඟන්න උත්සාහ කළා. ඒත් එක්කම ඒ ස්මාරකය කලින් කලට දියුණු කරමින් ආපු බවත් තමයි දැනගන්නට තියෙන්නේ. නමුත් ඒක ඇත්ත වශයෙන්ම කියනවා නම් සමගියට උතුර සහ දකුණ අතර බාධාවක් වෙන්න පුළුවන්.’

එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය අහමඩ් සාමි
එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය අහමඩ් සාමි

බ්‍රිතාන්‍යයෙන් නිවේදනයක්

යාපනය විශ්ව විද්‍යාලයේ සිදුවීම සම්බන්ධයෙන් තමා කනගාටු වන බව එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය අහමඩ් සාමිවරයා පවසා ඇත.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එක්සත් රාජධානියේ විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අතීතයේ තුවාල සුව කිරීමට සහ ලංකාවේ ගැටුමට ගොදුරු වූ සියලු දෙනා මතක තබා ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දීම වැදගත් බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *