මඩකලපුවේ එක් දිනක් තුළ ඩෙංගු රෝගීන් 218ක් වාර්තා වේ

ගතවු දින 10ක කාලය තුළ පමණක් ‍ඩෙංගු රෝගීන් 900කට අධික සංඛ්‍යාවක්

ගතවු දින 10ක කාලය තුළ පමණක් ‍ඩෙංගු රෝගීන් 900කට අධික සංඛ්‍යාවක්

මඩකලපුව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය කොට්ඨාශ 5 ක පුද්ගලයින් 218 දෙනෙකු පැය 24 තුළ ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති බව නැගෙනහිර පළාතේ සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය අලහෛයා ලතාහරන් පවසා සිටියේය.

ඔහු මේ බව, 8 වන දින මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ පැවති රැස්වීමකදී පවසා සිටියේය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ඕට්ටමාවඩි හි 15 දෙනෙක්ද , කෝරළේපත්තුව හි 5 දෙනෙක්ද , වාලච්චේන හි 20 දෙනෙක්ද , කාත්තාන්කුඩි හි 2 දෙනෙක්ද , ග්‍රාන් හි 3 දෙනෙක් ද වශයෙන් පසුගිය පැය 24 ක් තුළ 218 දෙනෙක් ඩෙංගු රෝගයට ගොදුරු වී ඇත.

මෙහිදී ඩෙංගු රෝගයට වැඩිවශයෙන් ගොදුරුවී ඇත්තේ ස්ත්‍රීන් සහ කුඩා දරුවන්ය. මොවුන් සාමාන්‍යයෙන් නිවසින් පිටට නොයන අයයි. ඒ නිසා ඩෙංගු මදුරුවා නිවස ආශ්‍රිතව තමයි වැඩිවශයෙන් තියෙන්නේ. ඩෙංගු අවුරුදු කිහිපයක් තිස්සේ හැමෝම දන්න දෙයක්. මෙම ප්‍රදේශ 5 ම කාලයක් තිස්සේ ඩෙංගුවලට ගොදුරු වෙනවා.

එනිසා මිනිසුන්ගේ ආකල්ප වෙනස් නොවී මෙම උවදුර තුරන් කරන්න බැහැ.

සෞඛ්‍ය නිලධාරීන් ගෙවල් වලට ගිහින් ඩෙංගු බෝවන ස්ථාන සියල්ල ඉවත් කරලා දියයුතු බව ජනතාව හිතනවා. අපේ රාජකාරිය ඒ සඳහා අවශ්‍ය උපදෙස්, මග පෙන්වීම් කරන එක. ඊට අමතරව නීති ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එබැවින් තම නිවස සහ අවට පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමි.

තවද මඩකලපුව සෞඛ්‍ය කොට්ඨාශයට අයත් චින්නඌරණි ප්‍රදේශයේ ගැහැණු දරුවකු ඩෙංගු රෝගයට ගොදුරු වීමත් සමග එම ප්‍රදේශය ඇතුළු කොක්කුවිල් ප්‍රදේශයේ දුම් ගැසීම සහ කෘමිනාශක ඉසීම සිදුකරන ලදී.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *