වනාන්තර 69ක් රක්ෂිත ලෙස ගැසට් කරයි

වනාන්තර 69ක් රක්ෂිත ලෙස ගැසට් කරයි
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 15කට අයත් වනාන්තර 69ක් ගැසට් පත්‍රයක් මඟින් රක්ෂිත බවට පත් කිරීමට රජය තීරණය කරයි. ඒ අනුව අදාළ වනාන්තර රක්ෂිත බවට පත් කිරීම සම්බන්ධයෙන් වූ ගැසට් කිරීමේ නිවේදනයට වනජීවි රැකවරණ සහ වන සංරක්ෂණ රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක මහතා ඊයේ (05) පෙරවරුවේ එම අමාත්‍යාංශයේ දි අත්සන් තැබීය.
ඒ අනුව දිස්ත්‍රික් 15 කට අයත් හෙක්ටයාර් 40761.11 ක වනාන්තර 69ක් රක්ෂිත ලෙසට ගැසට් කිරිමේ නිවේදනයට මෙලෙස ඇමතිවරයා අත්සන් කළ අතර මෙයට අමතරව පුත්තලම් දිස්ත්‍රික්කයේ කඩොලාන රක්ෂිත 05 ක හෙක්ටයාර් 47.41 ක් එම ගැසට් නිවේදනයට ඇතුලත්ව තිබේ. මොනරාගල, කුරුණෑගල, අනුරාධපුරය, ගාල්ල, පුත්තලම, නුවරඑලිය, මහනුවර, මන්නාරම, පොලොන්නරුව, අම්පාර, කෑගල්ල, කිලිනොච්චිය, බදුල්ල, ගම්පහ, හම්බන්තොට, යන දිස්ත්‍රික්කවල ඇති වනාන්නතර මෙසේ රක්ෂිත බවට නම්කර තිබෙන අතර ගැසට් ලේඛනයට අත්සන් තැබිමෙන් අනතුරුව එම ලේඛනය වනජීවි රැකවරණ අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට භාරදුන්නේය.
මෙහිදි අදහස් දක්වමින් වනජීවි රාජ්‍ය ඇමැති විමලවිර දිසානයක පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය මෙන්ම වනාන්තර, සතා, සිව්පාවා වගේම මනුෂ්‍යයා මේ සියලු සාධකවලට වැදගත් වෙන අර්ථ සම්පන්න දිනයක් හැටියට ඊයේ දිනය හැදින්විය හැකි බවත් තම අමාත්‍යාංශය මඟින් දිස්ත්‍රික්ක 15 ක වනාන්තර 69 ක හෙක්ටයාර් 40761.11 ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයේ කඩොලාන ස්ථාන 05 ක හෙක්ටයාර් 47.41 ක් රක්ෂිත බවට පත්කළ බවත්ය.
අම්පාර දිස්ත්‍රික්කයේ ටැම්පිටිය වනාන්තරය හෙක්ටයාර් 2669.06 ක් සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ කිකිළියාමාන වනාන්තරයේ හෙක්ටයාර් 4627.624 ක් සමඟ අනුරාධපුර ආනඋලන්දාව වනාන්තරයේ හෙකටයාර් 25058.59 රක්ෂිත බවට පත්කර තිබෙන අතර මෙම ස්ථානවල වැඩිම වනාන්තර ප්‍රමානයක් රක්ෂිත බවට පත්කර තිබේ.
මෙම වනාන්තර ප්‍රමානය වැඩිවිමත් සමඟම වනසංරක්ෂන නිළධාරින්ට මේවා රැකගැනිමට උනන්දුවක් ඇතිවන අතර ජනතාවට මේ වනාන්තර වල මායිම් පිලිබදව දැන ගැනිමටත් ඒවා ආරක්ෂා කර ගැනිමටත් සහය දියහැකි බවද මේ යුගයේ හැටියට ඉතිහාසයේ අව්රැදු දහස් ගනනාවක් දෛනිකව මේ වනාන්තර කපා හෙලීම් සිදුව තිබෙන බවද ඇමැතිවරයා පෙන්වාදෙයි.
-දිනමිණ