වනා­න්තර 69ක් රක්ෂිත ලෙස ගැසට් කරයි

වනා­න්තර 69ක් රක්ෂිත ලෙස ගැසට් කරයි

වනා­න්තර 69ක් රක්ෂිත ලෙස ගැසට් කරයි

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 15කට අයත් වනා­න්තර 69ක් ගැසට් පත්‍ර­යක් මඟින් රක්ෂිත බවට පත් කි­රී­මට රජය තීර­ණය කරයි. ඒ අනුව අදාළ වනා­න්තර රක්ෂිත බවට පත් කි­රීම සම්බ­න්ධ­යෙන් වූ ගැසට් කිරීමේ නිවේ­ද­න­යට වන­ජීවි රැක­ව­රණ සහ වන සංර­ක්ෂණ රාජ්‍ය ඇමැති විම­ල­වීර දිසා­නා­යක මහතා ඊයේ (05) පෙර­ව­රුවේ එම අමා­ත්‍යාං­ශයේ දි අත්සන් තැබීය.

ඒ අනුව දිස්ත්‍රික් 15 කට අයත් හෙක්ට­යාර් 40761.11 ක වනා­න්තර 69ක් රක්ෂිත ලෙසට ගැසට් කිරිමේ නිවේ­ද­න­යට මෙලෙස ඇම­ති­ව­රයා අත්සන් කළ අතර මෙයට අම­ත­රව පුත්ත­ලම් දිස්ත්‍රි­ක්කයේ කඩො­ලාන රක්ෂිත 05 ක හෙක්ට­යාර් 47.41 ක් එම ගැසට් නිවේ­ද­න­යට ඇතු­ලත්ව තිබේ. මොන­රා­ගල, කුරු­ණෑ­ගල, අනු­රා­ධ­පු­රය, ගාල්ල, පුත්ත­ලම, නුව­ර­එ­ලිය, මහ­නු­වර, මන්නා­රම, පොලො­න්න­රුව, අම්පාර, කෑගල්ල, කිලි­නො­ච්චිය, බදුල්ල, ගම්පහ, හම්බ­න්තොට, යන දිස්ත්‍රි­ක්ක­වල ඇති වනා­න්න­තර මෙසේ රක්ෂිත බවට නම්කර තිබෙන අතර ගැසට් ලේඛ­න­යට අත්සන් තැබි­මෙන් අන­තු­රුව එම ලේඛ­නය වන­ජීවි රැක­ව­රණ අමා­ත්‍යාං­ශයේ ලේකම් විශ්‍රා­මික මේජර් ජෙන­රාල් පාලිත ප්‍රනාන්දු මහ­තාට භාර­දු­න්නේය.

මෙහිදි අද­හස් දක්ව­මින් වන­ජීවි රාජ්‍ය ඇමැති විම­ල­විර දිසා­න­යක පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්ද­ර්යය මෙන්ම වනා­න්තර, සතා, සිව්පාවා වගේම මනු­ෂ්‍යයා මේ සියලු සාධ­ක­ව­ලට වැද­ගත් වෙන අර්ථ සම්පන්න දින­යක් හැටි­යට ඊයේ දිනය හැදි­න්විය හැකි බවත් තම අමා­ත්‍යාං­ශය මඟින් දිස්ත්‍රික්ක 15 ක වනා­න්තර 69 ක හෙක්ට­යාර් 40761.11 ක් සහ පුත්ත­ලම දිස්ත්‍රි­ක්කයේ කඩො­ලාන ස්ථාන 05 ක හෙක්ට­යාර් 47.41 ක් රක්ෂිත බවට පත්කළ බවත්ය.

අම්පාර දිස්ත්‍රි­ක්කයේ ටැම්පි­ටිය වනා­න්ත­රය හෙක්ට­යාර් 2669.06 ක් සහ නුව­ර­එ­ලිය දිස්ත්‍රි­ක්කයේ කිකි­ළි­යා­මාන වනා­න්ත­රයේ හෙක්ට­යාර් 4627.624 ක් සමඟ අනු­රා­ධ­පුර ආන­උ­ල­න්දාව වනා­න්ත­රයේ හෙක­ට­යාර් 25058.59 රක්ෂිත බවට පත්කර තිබෙන අතර මෙම ස්ථාන­වල වැඩිම වනා­න්තර ප්‍රමා­න­යක් රක්ෂිත බවට පත්කර තිබේ.

මෙම වනා­න්තර ප්‍රමා­නය වැඩි­වි­මත් සම­ඟම වන­සං­ර­ක්ෂන නිළ­ධා­රින්ට මේවා රැක­ගැ­නි­මට උන­න්දු­වක් ඇති­වන අතර ජන­තා­වට මේ වනා­න්තර වල මායිම් පිලි­බ­දව දැන ගැනි­ම­ටත් ඒවා ආරක්ෂා කර ගැනි­ම­ටත් සහය දිය­හැකි බවද මේ යුගයේ හැටි­යට ඉති­හා­සයේ අව්රැදු දහස් ගන­නා­වක් දෛනි­කව මේ වනා­න්තර කපා හෙලීම් සිදුව තිබෙන බවද ඇමැ­ති­ව­රයා පෙන්වා­දෙයි.

-දිනමිණ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *