අලුත් අවුරුදු සමයේ මාරක රිය අනතුරුවල වැඩිවීමක්, මරණ 92ක්

0
අලුත් අවුරුදු සමයේ මාරක රිය අනතුරුවල වැඩිවීමක්, මරණ 92ක්

අලුත් අවුරුදු සමයේ මාරක රිය අනතුරුවල වැඩිවීමක්, මරණ 92ක්

පසුගිය වසරේ අලුත් අවුරුදු සමයට සාපේක්ෂව මෙම වසරේ අලුත් අවුරුදු සමය තුළ සිදු වූ මාරක රිය අනතුරුවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසනවා.

ඒ, අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ අලුත් අවුරුදු සමයේ මාරක රිය අනතුරු 18ක ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

මෙම වසරේ අප්‍රේල් 10 වනදා සිට 19 වනදා දක්වා වූ අලුත් අවුරුදු සමය තුළ මාරක රිය අනතුරු 88ක් සිදුව ඇති අතර, ඉන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 92ක්.

එමෙන්ම පසුගිය 2025 වසරේ අප්‍රේල් 10 වනදා සිට 19 වනදා දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 70ක් සිදුව පුද්ගලයින් 72 දෙනෙක් මියගොස් තිබෙනවා.

ඒ අනුව මෙම මාරක රිය අනතුරුවලින් පසුගිය වසරට සාපේක්ෂ මියගිය සංඛ්‍යාව ද 20කින් මෙම වසර තුළ ඉහළ ගොස් ඇති බවයි (20) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.

පසුගිය 12 වනදා සිට 18 වනදා දක්වා කාලය තුළ දී බීමතින් රිය පැදවූ පුද්ගලයින් 4,225 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බව ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

මේ අතර විෂ මත්ද්‍රව්‍ය නඩු දහසක් පවරා ඇති බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසනවා.

දියේ ගිලීම් වලින් සිදුවූ මරණ සංඛ්‍යාවේ ඉහළ යාමක් ද වාර්තා වන බව ඔහු පෙන්වා දෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com